" ඔයා හැමවෙලේම මැෂින් එක කඩා ගන්නවා.. "
ටේහ්‍යුන් හිටියේ තමන්ගේ මේසේ computer එකේ මොනිටර් එකට ඇස් අලෝගන උනත් ඇහුන කසුකුසුව නිසා එයා හෙමින් මොනිටර් එකට උඩින් ඇස් ගෙනිච්චේ ඉස්සරහා ඉන්න කීපදෙනා දිහාවට ..." අහ් මම ... හිතන්නේ මේක අස්සේ මොකක් හරි හිර වෙලා වගේ... "
ජන්කුක් එහෙම කියන ගමන් photocopy machine එකේ පිටිපස්සට නැවිලා ඒක ඇතුලේ හිර වෙලා තිබුන කොලේ ඇදලා අරන් අතට ගුලි කරගත්තා..." එහෙම කරන එක මට නිදහසට කාරණයක් වෙනවා ඔයාව මුණගැහෙන්න... "
එතන හිටගන හිටිය ගෑනුලමයා ජන්කුක් ගේ මූණට එබෙන ගමන් එහෙම කිව්වේ මේ හැමදේම කාටත් නොපෙනෙන්න computer එකෙන් ලාවට ඔලුව උස්සගන බලන් ඉන්න ටේහ්‍යුන් ගේ ඇහිබැම් ඇකිලෙද්දි..." ඕ ඕනිම වෙලාවක ඔයාට මට කතා කරන්න පුළුවන් ... "
ජන්කුක් හිනාවෙලා ඒ ගෑනුලමයා ට පිලිතුරු දුන්නා....." මම දන්නවා ඔයා එහෙම කියන බව.. ඒත් මම කතා කරන හැමවෙලාවකම ඔයා බිසී නේ... "
ඒ කෙල්ල එහෙම කියද්දි ඒ දිහා බලන් හිටිය ජීමින් හැරිලා බැලුවේ තොල් දෙකත් ලාවට විවර කරගන තරහින් ජන්කුක් දිහා බලන් ඉන්න ටේහ්‍යුන් ගේ මූණ ...." ච් .. ඔය වගේ බලන්න එපා.. ටේහ්‍යුන් ශී ... ඔයාට කෙනෙක් ව සෙඩියුස් කරන්න බෑ ඔහොම බලලා නම් ... "
ජීමින් ටේහ්‍යුන් ගේ ලගට ලං වෙලා රහසින් එහෙම කිව්වේ කටත් උල් කරලා..." මම එයාව සෙඩියුස් කරන්න උත්සාහ කලේ නෑ.. "
ජීමින් ගැන නොසැලකිල්ලෙන් වගේ ආයෙත් ජන්කුක් දිහා බලන ගමන් ටේහ්‍යුන් කියද්දි එයා දැක්කේ ජන්කුක් එක්ක තවමත් මුකුලු කරන කෙල්ලො දෙන්නව..." අහ් එයාලා දිහා බලන්න... එයාලා හැමෝම රබර් ඇහැ දාගන ඉන්නේ ජන්කුක් ට ...
මං කියන්නේ ඔයා ටිකක් ලයින් එක පනින්න උත්සාහ කරලා බලන්න... "
ටේහ්‍යුන් දිහාවට කටකොනින් හිනාවක් දැම්ම ජීමින් එහෙම කිව්වේ අතේ තිබුන පෑනත් කරකව කරකව...ඒත් ටේහ්‍යුන් කලේ නොසැලකිල්ලෙන් ඒ වචන අහන් හිටිය එකයි ජන්කුක් ආයෙම හැරිලා එද්දි එයාව නොදැක්ක ගානට මොනිටර් එකට ඔලුව දාගන වැඩ කරන්න ගත්තු එකයි...
ටේහ්‍යුන් ගේ ඉස්සරහින් විනාඩියකට ජන්කුක් නතර උනා.. ඒත් ටේහ්‍යුන් කිසිම සැලකිල්ලක් නැතුව computer එක දිහාම බලන් ඉද්දි ජන්කුක් තේරුම් ගත්තා ටේහ්‍යුන් එයාව නොසලකා හරින බව...
YOU ARE READING
𝓛𝓸𝓿𝓮 𝓪𝓷𝓭 𝓛𝓮𝓪𝓼𝓱𝓮𝓼 🖤 ( Taekook ) - Completed
Fanfiction| Requested story | " They're So Gorgeous Taehyung Shi ... " Kim Jungkook " Then... Do You Want me to Step one You ... " Kim Taehyung Based on the Korean movie ' Love and Leashes ' adapted from a Webtoon...