දොරට දෙපාරක් තට්ටු කරලා ජන්කුක් මීටින් රූම් එකට ආවේ නිල් පාට ටයි එකක් වගේම ඒකටම ගැලපෙන බ්ලේසර් එකකින් ...
එයා නිශ්ශබ්දව ඇවිත් ටේහ්‍යුන් ගේ ලගින් තිබ්බ සීට් එකේ වාඩිවෙද්දි ටේහ්‍යුන් ලාවට ඒ දිහා ඇස් කොනින් බැලුවා මිසක වෙනසක් කලේ නෑ ...." එහෙනම් අපි විනය පරීක්ෂනය ආරම්ඹ කරමු .. "
බොර්ඩ් එකේ හෙඩ් එහෙම කියද්දි එතනින් වාඩිවෙලා හිටිය හෙඩ් ගේ සෙකට්‍රි කලින් දවසේ group එකට ලීක් උන රෙකෝඩින් එක ප්ලේ කලා....එදා ටේහ්‍යුන් ගෙයි ජන්කුක් ගෙයි අතර උන දෙබස ආයෙත් හැමෝම ඉස්සරහ ප්ලේ වෙද්දි ජන්කුක් නම් බිම බලාගත්තත් ටේහ්‍යුන් හිටිය විදියටම ඉස්සරහ බලාගන හිටියා....
බෝඩ් එකේ අයගෙත් මූණු ඒ රෙකෝඩින් එකේ දෙබස් වලට එහෙට මෙහෙට ඇකිලෙද්දි ජන්කුක් ට දැනුනේ ලොකු අපහසුතාවයක් ...." දැන් ඇති .. "
බෝඩ් හෙඩ් එහෙම කියද්දි ඒ ගෑණුළමයා රෙකෝඩින් එක off කලා..." ඇත්තටම ඔයාලා දෙන්නා අතර තියෙන්නේ මොන වගේ Relationship එකක් ද ...
අනික මොකක්ද මේ ගලවන්නයි , ගහන්නයි කියන්නේ__"
හෙඩ් ටේහ්‍යුන් වගේම ජන්කුක් දිහා බැලුවේ පිලිකුලෙන් වගේ...." මෙතන තියෙන Issue එක , වැඩ කරන තැන රූල්ස් කැඩුවා කියලා මිසක් අපේ Private life එක ගැන නෙවෙයි නේ සර් ... "
ටේහ්‍යුන් ගානක් නොගෙනම කියලා දාද්දි ජන්කුක් ටේහ්‍යුන් දිහා හැරිලා බැලුවා..." ඒක තමයි අපිට දැනගන්න ඕනි හරියටම මෙතන මොකක්ද උනේ කියලා... අපි එකම company එකේ අය නේ ...
මේවා පිටට ගියොතින් මොකද වෙන්නේ ආ... "
තවත් කෙනෙක් එහෙම කෑගහද්දි ටේහ්‍යුන් තවමත් ඔලුව පාත් කලේ නැහැ .." සමහරවිට ... මිස්ටර් කිම් ටේහ්‍යුන් ශී දවල්ට මනුස්සයෙක් වෙලා රෑට වැම්පයර් කෙනෙක් වත් වෙනවද දන්නෑ ... "
බෝඩ් හෙඩ් එහෙම කියද්දි ටේහ්‍යුන් ට එතන හිටිය කට්ටියම හිනා වෙද්දිත් ටේහ්‍යුන් නිශ්ශබ්දව බොඩ් හෙඩ් දිහාම එක එල්ලේ බලාගන හිටියා....ඒත් ඒ කතාවට නම් ජන්කුක් ටත් තරහා ගියා .. හැමෝම ටේහ්‍යුන් ට හිනාවෙද්දි මේසේ යටින් ජන්කුක් තමන්ගේ අතක් මිටමොලව ගත්තේ ආව තරහටමයි ...
YOU ARE READING
𝓛𝓸𝓿𝓮 𝓪𝓷𝓭 𝓛𝓮𝓪𝓼𝓱𝓮𝓼 🖤 ( Taekook ) - Completed
Fanfiction| Requested story | " They're So Gorgeous Taehyung Shi ... " Kim Jungkook " Then... Do You Want me to Step one You ... " Kim Taehyung Based on the Korean movie ' Love and Leashes ' adapted from a Webtoon...