Part 11 🎀

860 196 25
                                    

❀ΠICΣ❀ ϯσ ❀ʍεεϯ❀ ψσմ ❀.....
.
.
.
.
"සර්......මොක්.......ම්ම්ම්.......ම්ම්ම්හ්........"

එතනින් එහාට මට මුකුත් කියන්න ඉඩක් නොතියා එයා මාව kiss කරන්න පටන් ගත්තා.....ඒක හරියට kiss එකකට වඩා සපාකෑමක් කිව්වොත් හරි......

"එදා වගේමයි....මුලින්ම පටන් ගන්න වුණේ මට......නේද ඩැ..........ඩී 😉........"

මොකක් 😳 මට ඇහුණ දේමද ඔයාලටත් ඇහුණෙ........? ඒ කියන්නෙ ..........

එයාට..........

මතකද 😳..........?

"ඔ.......ඔයාට මතකද ම්.....මාව........😳........?"

"තමුං හිතුවද ඒ පැය ගාණට මං මැරිලා හිටියා කියලා ආහ් 😑......? මත් වුණ එක විතරයි උනේ මාව ......"

"ස්......සමාවෙන්න සර්...."

"ඔව් ඔව් සමාව ඉල්ලනවා...මොකද ලොකු වැරැද්දක් තමුං කළා.....😠......."

"ඒ වෙලාවෙ......."

"ෂ් 🤫......මං කතා කරනකම් ඉන්නවා......."

එයා මගේ එහා පැත්තෙන් වැතිරෙන ගමන් එහෙම කිව්වා....මටත් ඉතිං මේ වෙලාවෙ එයාගෙ අණට කීකරු වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති නිසාම හිටපු එයා මාව ඇදට දාපු විදියටම මං හිටියා.......

" දන්නවද.....මං තමුංව හොයාගන්න කොච්චර කට්ටක් කෑවද කියලා ආහ්....බැරිම තැන අයියගෙන් වැදලා වැදලා තමුංගෙ නම අහගත්තා....ඊටපස්සෙ මං තමුංව හොයන්න නොගියපු තැනක් නෑ....අන්තිමට අහම්බෙන් interview files check කරද්දියි මං තමුංව හොයාගත්තෙ...."

"ස......ර්......"

"කියනවා....මාව එක පාරකට වත් මතක් වුණේ නැද්ද 😠.......එච්චර දෙයක් වුණාටත් පස්සෙ මාව දාලා ගිහින් හිත හදන් හිටියෙ කොහොමද....මාව දැණුනෙම නැද්ද 🥺.....?"

"ම්.....මොකද්ද ......?"

"මෙච්චර කියනවා තේරෙන්නෙ නැද්ද මිනියෝ......මං තමුසෙට ආදරෙයි ......ගොඩාක් ආදරෙයි ....පිස්සුවෙන් වගේ ආදරෙයි ....."

"ඈහ් 😳........?"

මං මේ ඉන්නෙ හීනෙකද......? කවුරුහරි මාව කොනිත්තන්නකො 🥺


To be Continued 🎀

🚫Only Fan Fiction ....🚫Don't copy🚫

✍️Thisu

❀ΠICΣ❀ ϯσ ❀ʍεεϯ❀ ψσմ ❀ (Completed )Tahanan ng mga kuwento. Tumuklas ngayon