ඔව් මං ගොඩක් දුර්වලයි......එයා ඉස්සරහ.....මං දන්නෙ නෑ මට එයා ඉස්සරහ මොනා වෙනවද කියලා......අනිත් එක මට කොහොමත් පේන්න බෑ අර ටේහ්යුන්ග් කියන මිනිහා මගෙ ජන්මියට ලං වෙනවට.......මට ඇත්තටම ඒ මිනිහා එක්ක පුදුම කේන්තියක් එන්නෙ මගෙ ජන්මියා ලග හුරතල් වෙද්දි....ආයිෂ්...... ඇයි ඒ මිනිහට ජන්මියගෙන් ඈත් වෙලා ඉන්න බැරි.......මං ඉතින් ඔහොම හිත හිතම අපේ faculty එක ලගට ආවා......වෙලාව බැලුමයි මං දැක්කෙ අද කලින් ඇවිත් කියලා ඒ හින්දම මම ජින් හ්යොන්ට call එකක් අරන් බැලුවෙ එයා ඇවිත්ද කියලා බලන්න.....ඒත් ඊට කලින් මට msg එකක් ආවා....
Jin hyung 👻💗 [ 📩 ]
කුකියො මං college එකට ආවා...ඔයා ඇවිත්නම් ඉන්නෙ අපෙ faculty එකේ අර චෙරි ගහ ලග ඉන්න හොදේ...😙
Me.
මං එතන තමයි හ්යුන්ග් ඉන්නෙ....හ්යුන්ග් එන්නකො....🙃
මම හ්යුන්ග්ට reply කරලා දිග හුස්මක් පිට කලේ අද කොහොමහරි හ්යුන්ගෙන් මගෙ ප්‍රශ්නෙට විසදුමක් හොයාගන්නවා කියලා හිතාගෙන........ඒත් එක්කම මම දැක්කෙ ඈතින් එන හ්යුන්ග්ව.......
"මොකෝ ජංකුකා අද උදෙන්ම...?" හ්යුන්ග් bench එකෙන් ඉද ගන්න ගමන් මගෙන් ඇහුවා...
"අහ්....අනී හ්යුන්ග්....අද ජන්මියා උදේ අපෙ ගෙදර ආවා මං එක්කම college යන්න ...ඉතින් මාත් එයා එක්කම ආවා...." මම කිව්වෙ ඉස්සරහ තියෙන පොකුණ දිහා බලන්.....
"ජංකුක්.....ඔයා ප්‍රශ්නෙකද ඉන්නෙ...?"
හ්යුන්ග් එහෙම අහද්දි මං ඇස් දෙකත් පියන් ඔලුව හෙලෙව්වෙ ඔව් කියන්න.....ඒත් එක්කම හ්යුන්ග් මගෙ බෙල්ල වටේ අත දාලා මගෙ පිටට තට්ටුවක් දැම්මා....
"හ්යුන්ග් මට බයයි හ්යුන්ග්...."
මම හ්යුන්ග් දිහා බලලා කිව්වම හ්යුන්ග්ට දැනගත්තා මගෙ ප්‍රශ්නෙ මොකද්ද කියලා මං හිතන්නෙ .....ඒ හින්දමද කොහෙද හ්යුන්ග් මට හිනා වෙලා කතා කරන්න පටන් ගත්තා.....
"ජංකුකා....මට තේරෙනවා ඔයා ඔය කියන්න හදන්නෙ මොකක් ගැනද කියලා....හරි කියන්නකො ඉතින්..."
YOU ARE READING
MASK | JK Centric | COMPLETED
FanfictionStory Cover by, @ParkEmaJi [Under-editing.] Dont copy my work 🚫 This story is mainly based with author's imagination so thare is no realation with real life..... enjoy.!!