After a month junmi pov.
මාසයක් ඇතුළත මගෙ ජීවිතේ වෙනස් උනා...... ඒ ජංහූන් නිසා ......මන්දා එයා මාත් එක්ක කතා කරන හැම වෙලාවෙම මගෙ හිත අමුතු සතුටකින් පිරිලා යනවා.......මගෙ හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා........මං එයාට ආදරේ කරන්න පටන් අරන් වගෙ......මගෙ mood එක කොච්චර අවුල් උනත් එයා එක්ක කතා කරද්දි මට මාර සතුටක් දැනෙනවා......ඒ වගේම දැන් මගෙ හිතේ ජංකුක් ගැන තිබුන ඒ අදහස නැති වෙලා ගිහින්........එයා හැමවෙලේම මගෙ පස්සෙමයි..........අද college එකේ holiday.....ඒ නිසා ඔම්මා කිව්වෙ ජංකුක්ලගෙ ගෙදර යන්න ලෑස්ති වෙන්න කියලා......මාත් ඉතින් ලෑස්ති වෙලා ගියා..........අපි යද්දිත් ජංකුක්නම් නිදිලු.....එයා කවද්ද කලින් නැගිට්ටෙ......මටත් ඇත්තටම මාර නිදිමතක් තිබුනෙ....ඇයි ඉතින් ජංහූන් එක්ක msg කරානෙ රෑ එලි වෙනකම් .........මං ජංකුක්ව ඇහැරවන්න හිතන් උඩට ගියත් මං දැක්ක දේන් මගෙ ඇස් ලොකු උනා........එයා......... එයා shirt එක නැතුව නේද දෙයියනේ ඉන්නෙ......අපොයි......මගෙ කම්මුල් ,කන් රත් වීගෙන එනවා මටම දැනුනා........ඒ නිසා ආයෙම යන්න හැරුනත් ජංකුක්ගෙ කටහඩට මං එතනම නැවතුනා........
"කොහෙද යන්නෙ හොරා වගේ.......හොරෙන්ම පැන්නා නේද මගෙ කාමරේට....." ජංකුක් එහෙම කියනකොට මම තදින් ඇස් දෙක පියාගත්තෙ දැනුන ලැජ්ජාවට.........
"මම....මේ......මං......අහ් මංආවෙඔයාවනැගිට්ටවන්නඔම්මලාපහලබලන්ඉන්නවා...." මම එහෙමම හැරෙන්නෙ නැතුව එක හුස්මට කියලා දාලා එතනින් දුවන්න ගියත් ජංකුක් මාව පිටිපස්සෙන් ඇවිත් ඒ පපුවට තද කරගත්තෙ මගෙ ඇස් ලොකු වෙද්දි......
"හ්ම්......ජන්මියා.....මට දෙයක් --"
"කුකී.......!!!! ජන්මි එක්ක පල්ලෙහට එන්න...!!!" එහෙම mrs.jeon කෑ ගහද්දි ජංකුක් මාව අතෑරියෙ ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි.......බලන්න එපැයි මෙයාගෙ ලැජ්ජාව........හ්ම්....මන්දා එයාගෙ මේ සමහර වැඩවලට මට හරි ආසා හිතෙනවා.......මං මොකුත් නොකියම පල්ලෙහට ආවෙ ජංහූන් ගැන හිත හිත.....අනේ මන්දා එයා හරි ෂෝයි අනේ......මාත් එක්ක කතා කරන විදිය මට මැවිලා පේනවා.....ඒත් මං එයාව තාම දැකලා නෑ.......මම ආසයි එයාව බලන්න.....මගෙ ජංහූන්ව බලන්න මට ආසයි......
YOU ARE READING
MASK | JK Centric | COMPLETED
FanfictionStory Cover by, @ParkEmaJi [Under-editing.] Dont copy my work 🚫 This story is mainly based with author's imagination so thare is no realation with real life..... enjoy.!!