එයා ආයෙම මොකුත් නොකියා offline ගියපු එක මට පොඩි අවුලක්....ඒත් මමත් phone එක පැත්තකින් තිබ්බෙ හෙට college යන්න ඕනෙ නිසා.....මොකද කලින් නිදා ගත්තෙ නැත්තන් ඇහැරෙන්නෙ නෑනෙ......ඒත් මට කූගෙන් ආව msgs බලන්න අමතක උනා.....මම පහුවදා උදෙන්ම නැගිටලා college ගිහින් project එකත් බාර දීලා එනකොට මම මෙච්චර වෙලා හොයපු කෙනාව මම දැක්කා.......මමත් ඒ පැත්තට හිමින් ගියෙ අද උදේ එයාව මට හම්බ උනේ නැති නිසා.......මම යනකොටත් එයා ජින් ඔප්පා එක්ක ඇපල් ගෙඩියක් කපන්න හදනවා.....
"කූ.......අද දවසම දැක්කෙ නෑ ඔයාව......"
මමත් එයා ලගින්ම ඉදගන්න ගමන් ඇහුවත් එයා ඒක නෑහුන ගානට හිටියෙ මට ටිකක් විතර දුක හිතෙනකොට........ජංකුක් මට කවදාවත්ම මෙහෙම කතා නොකර ඉදලා නෑ.....ඒ නිසා මට දුක හිතුනා......
"ජංකුක්........?!"
".........."
"කතා කරන්නකෝ.....!!"
"ආව්....."
මම තිබුන තරහටයි දුකටයි දෙකටම එයාගෙ අතින් ඇද්දෙ එයා ඇපල් ගෙඩිය කපනවා කියන එක අමතක වෙලා.....ඒත් එක්කම පිටියට එයාගෙ අත කැපිලා ගියා......මම ඉක්මනටම එයාගෙ අත අරන් කටට දාගෙන උරන්න ගත්තෙ ඒ අතින් ලේ බේරෙද්දි..........ඒත් එයා ටික වෙලාවකින් අත ඇදලා ගත්තෙ මගෙ ඇස්වලට කදුලු පිරෙද්දි .......ඇයි කූ මට මෙහෙම සලකන්නෙ......?මට අහන්න ඕනෙ උනත් ඒ වෙද්දිත් ජංකුක් එතනින් ගිහින් ඉවරයි.......ජින් මගෙ පිටට තට්ටුවක් දානකොටයි මම හරි සිහියට ආවෙ.....
"ජන්මි........"
"ආ.....?"
"ඔයාට එයාව පේන්නෙ යාලුවෙක් විදියට විතරද.....?"
"ආහ්.....?"
"නෑ මන් මේ ඇහුවෙ.....අයිෂ්.....අතෑරලා දාන්න......අද රෑට අපේ සන්හිගෙ birthday party එක තියෙනවා......එන්න අනිවාර්යයෙන්ම...."
YOU ARE READING
MASK | JK Centric | COMPLETED
FanfictionStory Cover by, @ParkEmaJi [Under-editing.] Dont copy my work 🚫 This story is mainly based with author's imagination so thare is no realation with real life..... enjoy.!!