"ටේබල් නම්බර් 9 එකට ජින්ජර් ටී එකයි බ්ලැක් ෆොරස්ට් එකයි..."
යුන්ගි එයා භාරගත්ත ඕඩර් එකේ ලිස්ට් එක කියවලා නෝට් බුක් එක සාක්කුවට දාන් ආයෙත් බිල් කවුන්ටරය පැත්තට ඇවිත් එතන පුටු පේලියෙන් වාඩිඋනා...
"මේ...කවුද අනේ ඒ...මීට කලින් දැකලා නන් නැ..."
බිල් කවුන්ටරයේ හිටිය ජන්කුක් ටිකක් වෙලා ටේබල් 9 දිහා බලන් ඉදලා යුන්ගිගෙ පැත්තට හැරුනා...
"අනේ මන්දා කුකී...මොනවා උනත් හොද සල්ලිකාර මහත්තයෙක් වගේ..."
යුන්ගි ටේබල් 9 එකේ ඇපල් වර්ගයෙ ටැබ් එකට මුහුණ ඔබන් කාර්යබහුල වෙලා ඉන්න ආඩම්බරකාර පෙනුමැති තරුණයාව ඇස් කොනින් පෙන්නුවා...
"ඒ වගේ..."
"ටේබල් 9 එකේ ඕඩර් එක හරි..."
ජන්කුක් එක්ක කතාවෙ හිටිය යුන්ගි කිචන් එකෙන් ඇහුන ආමන්ත්රණයත් එක්ක නැගිටලා කිචන් එකට ගිහින් ඕඩර් එක අරන් ඇවිත් ටේබල් 9 එකට සර්ව් කලා...
"තැන්ක්යූ..."
"යෝ වෙල්කම් සර්.."
යුන්ගි තරුණයාට ආචාර කරලා ඇවිත් ආයෙත් සුපුරුදු අසුනෙන්ම වාඩිවෙලා ජන්කුක් එක්ක කතාවේ නියැලුනා...
"එක්ස්කියුස් මී..."
යුන්කුක් දෙන්නාම කතාව නවත්තලා අවදානය දුන්නෙ ටේබල් 9 එකට..යුන්ගි ඉක්මනට නැගිටලා ඒ පැත්තට ගියා...
"ඇයි සර්..."
"මට මේ කොෆි එක හදපු චෙෆ්ව හම්බෙන්න ඕන.."
කස්ටමර් කතා කරපු විදියෙන්ම යුන්ගිට නන් තේරුනා මොකක්ම හරි අවුලක් තියෙන බව...ඒත් තිබ්බ එකම ප්රශ්නය අවුරුදු ගානක් මේ රෙස්ටුරන්ට් එකෙ වැඩ කරපු අත් දැකිම්වලින් චෙෆ්ට කතා කරපු පලවෙනි කෙනා මෙයා විම...වෙනදටත් කට්ටිය කතා කරනවා ඒත් ඒ ප්රශංසා කරන්න...
"අහ් පොඩ්ඩක් ඉන්න මං කතා කරන්නම්.."
.
."මොකද ?"
"චෙෆ්ව හම්බෙන්න ඕනලු..."
යුන්ගි ජන්කුක්ට පිලිතුරු දෙමින්ම ඉක්මනට කිචන් එක පැත්තට දුවලා චෙෆ්වත් එක්කන් ටේබල් 9 එකට ආවා...
ලස්සන මහත්තයා චෙෆ්ගෙ ඉහෙ ඉදන් පාදාන්තය දක්වා බලලා එයාගෙ ඇදුමෙ තිබ්බ නේම් බැජ් එකට එබුනා..
"මිස්ට ජන්ග් හෝසෙයොක්...ඔයා මොකක්ද මේ හදලා තියෙන්නේ..."
"සර් ඕඩර් කරලා තිබ්බ එක තමා මං හැදුවේ..."
"මං කිව්ව විදියට ? මං කිව්ව විදියට හැදුවා නන් කොහොමද මේකට ෂුගර් ඇඩ් උනේ...මං ෂුගර් ෆ්රී ජින්ජර් ටී එකක් ඕඩර් කරේ...😒"
"ෂුගර් ෆ්රී..?"
"ඇයි ඔහොම බලන්නෙ..මං බොරු කියනවා කියලාද හිතන්නෙ.. තමුන්ලා වගෙ ස්ටුපිඩ් පීපල්ස්ලා හින්දා තමා....ආශ් වැඩක් නැ වැඩක් නැ...කතා කරලා වැඩක් නැ..."
ලස්සන මහත්තයා තරහින් වගෙ හෝසෙයොක් චෙෆ්ට ඔරවලා ටී එක එහායින් තියලා ආයෙත් එයා කර කර හිටිය වැඩේට අවදානය දුන්නා..යුන්ගිට ඉබේම බැලුනේ චෙෆ් හෝසෙයොක් දිහා..මේ ප්රශ්නය ගොඩින් නොවිසදා මැනේජ්ර් ගාවට ගියොත් අනිවාර්යයෙන්ම දෙන්නගෙම පඩියට තට්ටුවෙන බව යුන්ගි සක්සුදක් සේ දන්නවා...යුන්ගි හිමිට හෝසෙයොක්ට තට්ටුවක් දාලා මේකට මොකක් හරි කරන්න කිව්වා...
"සොරි සර්...මං ආයෙ හදන්නම්..."
හෝසෙයොක් ඉක්මනට ටී එක අරන් යුන්ගිට ඉන්න කියලා කිචන් එකට ගියා...
"සර්.....සර්ගේ ජින්ජර් ටී එක..."
යුන්ගි කවුන්ටරය ගාවට වෙලා බලන් ඉද්දි හෝසෙයොක් තනියෙන් ගිහින් මහත්තයට ටී එක පිලිගැන්වුවා...
මහත්තයා ඉස්සෙල්ලා වගෙ ප්රසන්න විදියට නොවුනත් කිසිම හැගීමක් නැති මූණක් හදන් නිහඩවම ටී එක අරන් උගුරක් බිව්වා..
"ගුඩ්..."
මහත්තයා එයාගෙ ටැබ් එකෙන් දෑස් ඉවතට නොගෙනම ටී එකට ගැන කමෙන්ට් එකක් දුන්නා...
"තැන්ක්යු සර්...කලින් සිද්ධ වුන අපහසුතාවයට සමාවෙන්න සර්...ඒක අපේ මිස්ටේක් එකක්..."
"හ්ම්..ඒක තේරුම් ගත්ත එක හොදයි.."
"😊😊😊 ඕකේ සර්...එන්ජෝයි යෝර් මීල්.."
මහත්තයාගෙන් බලාපොරොත්තු උනා වගේම හොද ප්රතිචාරයක් ලැබුනා නිසා හෝසෙයොක් හරි සතුටින් වගේම හිත නිදහසේ ආයෙත් කිචන් එකට ගියේ දෙවියන්ට පින් දිදී...
- YO -
💎💎💎💎💎💎💎💎💎💎💎💎💎
Hi Diamonds 💎 ,
අවුරුදු පීලින්ග් එකෙ සිටිය මොහොතේ එක්වරම ආ හැගීමට ලියන ලද්දකි...ඔබේ අදහස් අනිවාර්යයෙන්ම දක්වන්න...සුභ අලුත් අවුරුද්දක් වේවා...☀️
😂😂😂😂😂😂😂
ඉක්මනට හම්බෙමු..
Bye...♥️
YOU ARE READING
Monday | •2Seok•
FanfictionIn all my life, I never believed I'd find a love like this...🌼 SEOKJIN × HOSEOK YOONGI × JUNGKOOK Book Cover : @ChoiJaehi