Bicycle...

203 57 27
                                    

"සෙයොකී බබා නැගිටින්නෙ නැද්ද..."

"අද ජොබ් එකට යන්නැද්ද..."

"අයියෝ නූනා පොඩ්ඩක් නිදාගන්න දෙන්නකො..."

හෝසෙයොක් නූනාට ගස්සලා අනිත් පැත්ත හැරිලා පෝරෝනය පෙරවන් නිදාගත්තා...

"අහ් එහෙනං තව නිදාගන්න දැනටමත් 8.30ත් පහුවෙලා.."

නූනා හිනාවෙලා එහෙම කියන් කාමරෙ දොරත් වහන් එලියට ගියා...

"මොකක් ඇත්තමද?"

හෝසෙයොක් ඇදෙන් පැනලා ටේබල් එක උඩ තිබ්බ ටේබල් වොච් එක අරන් මූණට ලං කරලා අමාරුවෙන් ඇස් පොඩි කර කර වෙලාව බැලුවා...

"අනේ දෙවියනේ...හොදටම පරක්කුයි..."

හෝසෙයොක් ඉක්මනට බාතෲම් එකට රිංගලා නාගෙන නූනා ලෑස්ති කරලා තිබ්බ ඇදුමත් ඇදගෙන පහලට ආවේ වෙනදට වඩා හදිස්සියෙන්...

"මොකෝ මහත්තයා පරක්කු වෙලාද..?"

උදේ කෑම ලෑස්ති කර කර හිටිය නූනා හෝසෙයොක්ව දැකල එච්චර ඇගට පතට නොදැනෙන්න එහෙම කිව්වෙ හෝසෙයොක්ව අවුස්සන්න හිතන්....

"අනේ නූනා..ඔයා තමා වැරදි...මාව උදේම නැගිට්ටුවෙ නැත්තෙ ඔයානෙ.."

"අහ් මං මොනවා කරන්න ද ? මං කොච්චර කතා කරාද ?.."

"යැයි යැයි තමා..."

හෝසෙයොක් මූණ දෙක කරන් ඇවිත් කෑම මේසෙන් වාඩිවෙලා කටට දෙකට කෑම ටික කාලා නැගිට්ටා...

"මං යනවා නූනා..."

"පරිස්සමෙන් සෙයොකි බබා...රෑ වෙන්න එපා.."

හෝසෙයොක් නූනට සමුදීලා ගේ එහා පැත්තේ හේත්තු කරලා තිබ්බ බයිසිකලයත් අරන් පාරට ආවා...

"දෙවියනේ 9.00යි...මේ වෙලාව යනවද දුවනවද.."

"වෙන වෙලාවක නන් බලන්න තිබ්බ...ඇයි මිස්ට ටයිම් ඔයත් මටම මෙහෙම කරන්නෙ..."

"ඔහ්..."

හෝසෙයොක් කල්පනා කර කරම ටවුන් එක පැත්තට බයිසිකලය පැදගෙන යද්දී එකපාරටම බයිසිකලයෙ සමබරතාව නැති වෙලා හෝසෙයොක්ව වැටෙන්න ගියා...

"ආශ්...මිස්ට බයිසිකල් ඔයාටත් මොකක්ද මේ අද වෙලා තියෙන්නේ..."

හෝසෙයොක් බයිසිකලෙන් බැහැලා පොඩ්ඩක් විපරම් කලා...

Monday | •2Seok•Where stories live. Discover now