Shopping...

231 51 18
                                    

"හලෝ සෙයොක් කොහෙද ඉන්නෙ උබ...?"

"කුකී මං බස් හෝල්ට් එකේ ඉන්නෙ...ඔයාලා බස් එකට නැග්ගාද..?"

"ඔව්...දැන් අපි පාක් එක හරියෙ එන්නෙ..."

"අහ් හරි..."

"එහෙනම් තියනවා සෙයොක්..."

ජන්කුක්ගෙ කෝල් එක කට් කලාට පස්සෙ බස් එක එනකන් හෝසෙයොක් බස් හෝල්ට් එකේ තිබ්බ බෙන්ච් එකේ වාඩිඋනා...

අද ඉරිදා නිසා රෙස්ටුරන්ට් එක වහලා...ඒ නිසා හෝසෙයොක් , යුන්ගි , ජන්කුක් තුන්දෙනාම අද ෆ්‍රී...යුන්ගිගෙ දවස් කීපයකම කනුකුනුව නිසා අද අනිවාර්යයෙන්ම එයා එක්ක ශොපින් යන්න පොරොන්දු උන හින්දා හෝසෙයොක් අද දවල් වෙනකන් නිදාගන්න තිබ්බ චාන්ස් එකත් මිස් කරන් උදේම නැගිටලා ඇද පැලදගෙන බස් හෝල්ට් එකට ආවා...

"ඇති යන්තන් එනවා..."

විනාඩි 15ක් විතර බලන් ඉදලා ඉදලා බස් එක අන්තිමට එනවා දැක්කාම හෝසෙයොක්ට දැනුනෙ පුදුම සතුටක්...හෝසෙයොක් එයාගෙ බෑග් එකත් එල්ලන් නැගිටලා ඉස්සරහාට ආවා...

හෝසෙයොක් බස් එකට නැගලා යුන්කුක් දෙන්නා හිටිය සීට් එකට පිටිපස්සේ සීට් එකෙන්ම වාඩිවෙලා හෑන්ඩ් ෆ්‍රී දෙක කනේ ගහන් ඇස් පියාගත්තා...

.
.
.
.

"ඒයි සෙයොක් මේක ලස්සනයි නෙ..."

"කුකී මේ බලන්නකො මේක..."

යුන්ගි ආව වෙලේ ඉදන් අරක ලස්සන ද මේක හොදද ගගා අහනවා මිස පැය 2ක් ගිහිල්ලත් තාමත් එක ඇදුමක්වත් අරන් නැ...හෝසෙයොක් ජන්කුක් දෙන්නා නන් ගන්න මුල් පැය බාගෙ යද්දී පුළුවන් උපරිම ඇදුම් අරගෙන ඉවරයි...දැන් නන් ඒ දෙන්නට හොද ගණන් ඇවිදල...

"අයියෝ යුන්...ඉක්මන් කරන්නකො අප්පා..."

"ඒක තමා බලන්නකො දැන් 2.00ත් අහුවෙලා බඩත් ගිනී..."

"ඔයාට කොයි වෙලෙත් කන බනෙමයි සෙයොක්..."

යුන්ගි ආයෙත් අඩි හප්පද්දි ජන්කුක් , හෝසෙයොක් දෙන්නා කටවහන් නිහඩව හිටියා ඇති තරම් වෙලා අරන් තෝරගන්න ඉඩ දීලා...

"අයියෝ කුකී...බලන්නකො..."

"ඇයි යුන් මොකක්ද අවුල..."

Monday | •2Seok•Where stories live. Discover now