Orphanage...

184 51 12
                                    

"එක්ස්කියුස් මී...මගෙ අර ඕඩර් එක රෙඩිද ?"

"අනේ සර් විනාඩියක් ඉන්න පුළුවන් ද...?"

"අහ් ඕකේ..."

ජිනට වාඩිවෙලා ඉන්න කියලා ජන්කුක් ඉක්මනට කිචන් එක පැත්තට ගියේ ඕඩර් එක ගැන බලන්න...විනාඩි කීයකින් හෝසෙයොක් , යුන්ගි , ජන්කුක් තුන්දෙනාම කෑම ටික දාපු පෙට්ටි 3ත් උස්සන් එලියට ඇවිත් ජින් ගාවින් තිබ්බා...

"සර් ඕඩර් එක...මෙන්න බිල් එක..."

"සෙයොක් උබ සල්ලි ටික අරන් වරෙන්.."

ජන්කුක් පෙට්ටි ටික උඩින්ම බිල් එකත් තියලා යුන්ගිවත් ඇදන් කවුන්ටරය පැත්තට ගියේ හෝසෙයොක්ව ජින් ගාව තනිකරලා...

"මෙතන සම්පූර්ණ ඕඩර් එක තියෙනවා නේ ?"

"ඔව් සර්...සර් ඉල්ලුව කුකීස්,කේක්ස්,ශෝට් ඊට්ස් ඔක්කොම තියෙනවා ඕකේ..."

"හ්ම්...හෝසෙයොක් දැන් වැඩ ද..?"

ජින් ෆෝන් එයා සාක්කුවේ තිබ්බ පර්ස් එක අදින ගමන් හෝසෙයොක්ගෙන් විමසුවා...
හෝසෙයොක් බැලුවේ අත් ඔරලෝසුව දිහා...

"අහ් නැ සර්...දැන් 5.00ත් පහුවෙලා නිසා අපි රෙස්ටුරන්ට් එකට වහනවා...ඊටපස්සෙ ඉතින් වැඩක් නැ කෙලින්ම ගෙදර..."

"හෝසෙයොක් කැමති නන් මාත් එක්ක ගමනක් යන් ද..? "

"කොහෙද...?"

"ගිහින්ම බලමුකො...ඔයාත් ආසවෙයි...ඔයා ඕක දිලා එන්න..මං එලියෙන් ඉන්නම්..."

ජින් බිල් එක එක්කම සල්ලිත් හෝසෙයොක්ට දිලා ගාඩ්ලා එක්ක පෙට්ටි ටිකත් අරන් ජිප් එකට දාගත්ත...හෝසෙයොක් ජන්කුක්ට සල්ලි ටික දීල ඒප්‍රන් එක ගලව ගලව කිචන් එකට ගිහින් එයාගෙ බෑග් එකත් අරන් යුන්කුක් දෙන්නට සමුදීලා එලියට ආවා...

"යන් සර්..."

"ඉස්සෙල්ලා ඔය සර්, මහත්තයා කියන එක නවත්තන්න හෝසෙයොක්...සල්ලිකාරයෙක් උනත් මාත් ඔයාලා වගේම හැගිම් දැනීම් තියෙන මනුස්සයෙක්..."

"අනේ සමාවෙන්න.."

"අනිත් ඔය හැම එකටම සමාවෙන්න කියන්න එපා..මට දැන් අහලම එපා වෙලා.."

Monday | •2Seok•Where stories live. Discover now