Love You...

163 46 9
                                    

"සෙයොකි බබා අනේ දැන් ඔය ඇඩුවා ඇති...එන්නකො එලියට..."

මෙයිජි හෝසෙයොක්ගෙ කාමරේ ලගට වෙලා දැන් පැයක විතර ඉදන් හෝසෙයොක්ව එලියට ගන්න උත්සාහ කරන්නේ...ඒත් හෝසෙයොක් අඩ අඩ ඉන්නවා මිස එලියට ආවේ නැ...

"මට බැ...😔😭😭😭 මට මෙහෙම ඉන්න දෙන්න නූනා..."

"හරි...එහෙනන් ඔයාට කතා කරන්න ඕන කියලා හිතුනාම මට කතා කරන්නකෝ..."

මෙයිජි හෝසෙයොක්ට තවත් කරදර නොකර පහලට ගියා...මෙයිජිට මේ ටිකෙ වෙඩින් එකේ වැඩ එක්ක හෝසෙයොක් ගැන හොයන්න කාලයක් ලැබුනෙ නැ..ජින්ගෙ සිදුවීමත් මෙයිජි දැනගත්තෙ හවස ජන්කුක්ගෙන්...

"අනේ මන්දා..ඇයි දෙවියනේ මගෙ සෙයොකි බබාටම මෙහෙම වෙන්නෙ..."

මෙයිජි ෆෝන් එකේ වෝල්පේපර් එකට දාලා තිබ්බ එයාගෙයි , හෝසෙයොක්ගෙයි,ජන්ග්වොන්ගෙයි පින්තූරය දිහා බලමින් හෝසෙයොක් ගැන කල්පනා කලා...

"ඩොක්...ඩොක්...."

දෙතුන්පාරක්ම ගෙදර දොරට ගහනවා ඇහුන හින්දා මෙයිජි ෆෝන් එක පැත්තකට දාලා ඉක්මනට දොර අරින්න ගියා...

"මේක හෝසෙයොක්ගෙ ගෙදර ද?මට එයාව හම්බෙන්න ඕන....එයා කෝ....?"

දොර ලග හිටියේ නාදුනන කෙනෙක් නිසා මෙයිජි ටිකක් කලබල උනා.. එයා හෝසෙයොක්ව හොයමින් එකදිගට ප්‍රශ්න වැලක්ම අහන් ගියේ මෙයිජිව තවත් වික්ශිප්ත කරමින්...මෙයිජි ප්‍රශ්න වලට පිලිතුරු නොදීම උඩුමහල පෙන්නුවම ඒ මනුස්සයයා මෙයිජිවත් අයින් කරන් පඩිපෙළ දිගේ උඩට දිව්වා...ඒ නාදුනන කෙනෙක් නිසා මෙයිජිත් කෝකටත් කියලා එයාගෙ පස්සෙන්ම උඩට ගියා..

"ඩෝක්...ඩෝක්..."

"අනේ නූනා ප්ලීස් මට මෙහෙම ඉන්න දෙන්නකො..."

"ඩෝක්...ඩෝක්..."

"ආශ්..මොන වදයක් ද මේ..?"

හෝසෙයොක් තරහින් පුපුර පුපුර ඇවිත් කාමරේ දොර විවර කලා...

"ජින් හියුන්..?"

"මං තමා..මට තමුන් එක්ක කතා කරන්න ඕන.."

ජින් හෝසෙයොක්වත් ඇදගෙන රූම් එක ඇතුලට ගියා..එයාලා තනියෙන් කතා කරන්න දීලා මෙයිජිත් පහලට ආවා....

Monday | •2Seok•Where stories live. Discover now