ජින් ඕපනේජ් එකේ මැඩම් එක්ක කතා කරලා ඉවරවෙලා එලියට ආවේ හෝසෙයොක්ව හොයන්..ගාඩ් කෙනෙක්ගෙන් හෝසෙයොක් තාම ගාඩ්න් එකේ කියලා දැනගත්ත ජින් ගාඩ්න් එකපැත්තට ඇවිදන් ආවා..
හෝසෙයොක් ගාඩ්න් එකේ බෙන්ච් එකේ වාඩිවෙලා ලොකු කල්පනාවක..ජින් හෝසෙයොක්ගෙ තනියට එව්ව ගාඩ්ට යන්න කියලා අතින් සන්කරලා ඇවිත් හෝසෙයොක්ගෙ එහාපැත්තෙන් වාඩිඋනා..."හෝසෙයොක්..."
"හ්ම්..?"
"මොනවද ඔච්චර කල්පනා කරන්නේ වටපිට බලබල..."
"මෙතන දැක්කම කල්පනා කරන්න දේවල් ද නැත්තෙ හියුන්..."
"හ්ම්ම්...ඒක නෙවෙයි මොකක්ද අර ඉස්සෙල්ලා ඔයා කිව්වෙ කතාව...මෙහෙ ඔයාගෙ මහගෙදර කියල... "
අහස දිහා බලන් හිටිය හෝසෙයොක් ජින් දිහා බලලා හිනා වුනා...
"අහ්...මෙහෙමයි...මේ ඕපනේජ් එක තමා මගෙයි මගෙ නූනාගෙයි මුල්ම ගෙදර...අපෙ පොඩි කාලෙ ගෙවුනෙ මෙහෙ...මගෙ පවුල මෙහෙ අය..."
හෝසෙයොක් ඇස්වල කදුලු පිහිදන් දිගු සුසුමක් අරන් ආයෙත් කතාව පටන්ගත්තා...
"අපේ අප්පායි ඔම්මායි මට අවුරුදු 6දි කාර් ඇක්සිඩන්ට් එකකින් නැති උනා...එතකොට මගෙ නූනාට අවුරුදු 10ක් විතර...අපි ගොඩක් පොඩි...නූනට ටිකක් මතක උනත් මට නන් මගෙ ඔම්මා , අප්පා ගැන ලොකු මතකයක් නැ...ඔම්මයි අප්පායි නැති උනාටම පස්සෙ කාත් කවුරුත් නැතුව අපි තනි උනා...අපේ තාත්තා අදුරපු මහත්තයෙක් තමා මාවයි නූනවයි මෙහෙම ගෙනත් දැම්මෙ....එදා ඉදන් අපි මෙහෙ...අපේ පවුල , යාලුවො , ගෙදර හැමදේම උනෙ මෙහෙ අය...සල්ලි තියෙන නෝනාලා මහත්තයාලාගෙ ආධාර වලින් ලැබෙන සල්ලි වලින් තමා අපි ඉගෙන ගත්තේ...මගෙ නූනට හොදට ඉගෙන ගන්න පුළුවන්...ස්කූල් එක්සෑම් එකෙන් එයා සෝල් යුනිවර්සිටි එකට තේරුනා...එතකොට එයාට වයස 18ක් නිසා එයාට ඕපනේජ් එකේ ඉන්න බැනෙ..ඒ හින්දා එයා හොස්ටල් වල නැවතුනා..මං මෙහෙ තනියෙන් හිටියේ...ටික කාලෙකින් එයා යුනි යන ගමන් පාට් ටයිම් ජොබ් කරලා සල්ලි ටිකක් හොයාගත්තා...ඒ වගේම එයාට 18 සම්පූර්ණ නිසා තාත්තා අපිට පවරලා තිබ්බ දේපල ටිකක් හම්බුනා...මහ ලොකු දේපලක් නොවුනත් එකෙනුත් ගානක් හොයාගෙන එයා අපිට ඉන්න සාමාන්ය ගෙයක් අරන් මාවත් එයා ගාවට ගත්තා...මට එතකොට අවුරුදු 15ක් විතර...එයා ඉගෙන ගන්න ගමන් පාට් ටයිම් වලින් මට ඉගැන්නුවා...එයත් ඉගෙන ගත්තා...එයා දැන් ලෝයර් කෙනෙක්...මට නන් යුනි යන්න රිසාල්ට්ස් මදි උනා...ඒ හින්දා මං යුන්ගියි කුකියි එක්ක එකතුවෙලා යුන්ගිගෙ අංකල්ගෙ රෙස්ටුරන්ට් එක භාර අරන් කරන්න ගත්තා..මං ඒ ෆීල්ඩ් එකට ආස නිසා නූනා උනත් මට සපොර්ට් කරනවා..දැන් ඉන්න එකම පවුල නූනායි , යුන්ගි , ජන්කුක් දෙන්නායි...ජන්කුක් නන් මං මෙහෙ හිටිය කාලෙ ඉදන් මගෙ යාලුවා...යුන්ගි ස්කූල් එකෙන් හම්බුනේ...ඉස්සර නන් මට ඕන උනෙ ඉක්මනට ලොකු වෙලා නූනට සපෝර්ට් කරන්න...ඒත් දැන් හිතෙනවා හැමදාම පොඩියට හිටියා නන් හොදයි කියලා...අපෙ කියලා මුකුත්ම නැතුව කාත් කවුරුත් නැතුව හිටිය ජිවිතේ ලස්සනයි කියලා මට හිතෙනවා මෙහෙට එද්දි..."
YOU ARE READING
Monday | •2Seok•
FanfictionIn all my life, I never believed I'd find a love like this...🌼 SEOKJIN × HOSEOK YOONGI × JUNGKOOK Book Cover : @ChoiJaehi