"යුන්ගියා..."
ටේබල් එකකට කෑම ටික සර්ව් කරපු ජන්කුක් පැනි හිනාවත් දාන් ඇවිත් කවුන්ටර් එක ඉස්සරහින් වාඩිවෙලා යුන්ගිගෙ පැත්තට බර වුනා...
"මොකෝ...?"
යුන්ගි කම්පියුටර් ස්ක්‍රින් එකෙන් දෑස් ඉවතට නොගෙනම ටයිප් කර කර හිටිය බිල් එක ටයිප් කලා..
"තැන්ක්‍යු ඇන්ඩ් කම් අගෙයින් සර්...😊"
යුන්ගි බිල් එකෙ වැඩෙ ඉවර කරලා කමස්‍ටමර් ගියාට පස්සේ ජන්කුක් දිහා බැලුවා...
"යුන්ගියා.."
"හ්ම්..?"
"අයි ලව් යූ..."
ජන්කුක් හාට් ශේප් එකට හදපු කුකි එකක් දික් කරලා එහෙම කිව්වම යුන්ගිට බකස් ගාලා හිනාගියා...
"මොකක්ද...😅"
"හිනාවෙන්න එපා මං ඇත්තටම කිව්වෙ...මං ඔයාට ආදරේයි...තවත් හිතේ තියන් ඉන්න බැරි හින්දයි ඉතින් එකපාරම කියලා දැම්මෙ..."
යුන්ගි අමුතු විදියට ජන්කුක් දිහා බැලුවා...
"ඔයාට ෂුවර් නැද්ද...අහ් එහෙනං ඉන්නකෝ...."
ජන්කුක් එකපාරටම නැගිටලා කවුන්ටර් එක උඩ දෑත් තියලා යුන්ගිගෙ පැත්තට බර වෙලා යුන්ගිව කිස් කලා...යුන්ගිගෙ ඇස් දෙක ෆුට්බෝල් සයිස් වෙලා පුදුම වෙච්ච තරමට....
"අහම්...අහම්..."
යුන්කුක් දෙන්නා ගැස්සලා ඈත් උනෙ එකපාරටම කවුරු හරි උගුර පාදන හඩට...
"අහ් හියුන් ඔයා..."
"ඔහොම ඉන්න පොඩ්ඩක්...හියුන් ඊයේ ඇමරිකා ගියෙ නැද්ද...?"
යුන්ගි එහෙම ඇහුවමයි ජන්කුක්ටත් මතක් උනෙ ජින් ඇමරිකා යනවා කියලා ගියා නේද කියලා...
"යන්න හිටියේ...කොහෙද මේ පිස්සු කොල්ලෙක් මාව නවත්තගත්තානෙ.."
"ඒක තමා හෝසෙයොක් අද හෙන හැපි එකේ හිටියේ..."
ජන්කුක් එහෙම කිව්වෙ යුන්ගිගෙ කරට අත දාමින්...
"යුන්ගි...මගෙ රෝසමල කෝ? "
යුන්ගි හිනාවෙලා කිචන් එක පෙන්නුවා..
"එහෙනන් ඔයාලා ඔයාලගෙ වැඩ කරගන්න...මං යනෝ..."
YOU ARE READING
Monday | •2Seok•
FanfictionIn all my life, I never believed I'd find a love like this...🌼 SEOKJIN × HOSEOK YOONGI × JUNGKOOK Book Cover : @ChoiJaehi