White Roses...

165 47 8
                                    

නිතිපතා රෙස්ටුරන්ට් එකට ආව ජින් මහත්තයා එදා ඕපනේජ් එකේ සිදුවීමෙන් පස්සෙ තාමත් රෙස්ටුරන්ට් එක පැත්තට නාව එක ගැන හෝසෙයොක්ට වගේම යුන්කුක් දෙන්නටත් පුදුමයි...එයා රෙස්ටුරන්ට් එකේ ජින්ජර් ටී එකට හරි ආසයි...වෙනදා එයා නැත්තත් ගාඩ් හරි ඇවිත් ඕඩර් එක ගෙනියනවා...මේ ටිකේ එහෙමත් උනේ නැති නිසා කට්ටයටම දැනුනෙ ලොකු පාලුවක්...

"හෝසෙයොකා...අර ජින් මහත්තයා ආයෙ ඇමරිකාවටවත් ගියාද දන්නැ නේද...?"

"මං නන් හිතන්නෙ නැ...එහෙනං එයා අනිවාර්යයෙන්ම අපිට කියලා යන්නෙ...."

හෝසෙයොක් කුකීගෙ අතට තේක දිලා යුන්ගිගෙයි එයාගෙයි තේ දෙක අරන් ඇවිත් කවුන්ටරය ගාවින් වාඩිඋනා...හෝසෙයොක් තේක බොන ගමනුත් කල්පනා කලේ ජින් ගැන...ඇත්තටම යුන්ගි කිව්වා වගෙ එයා ගිහින්වත් ද කියලයි හෝසෙයොක්ට හිතුනෙ...

"ඒයි හෝසෙයොකා අන්න ජින් මහත්තයා එනවා..."

එලියේ තේක බිබි හිටිය ජන්කුක් දුවගෙන කවුන්ටරය පැත්තට ආවේ හරි සතුටින්...

"ගුඩ් මෝනින් ගයිස්..."

"ගුඩ් මෝනින් ජින් මහත්තයා "

"එදත් කිව්ව මහත්තයා කියන්න ඕන නැ කියලා..හියුන් කියන්න..."

"හියුන් වෙනදා එකමනෙ..."

"ඔව් හෝසෙයොක්..."

හෝසෙයොක් ඕඩර් එක රෙඩි කරන්න කිචන් එක පැත්තට දුවද්දී ජින් යුන්කුක් දෙන්නා එක්ක කතා කර කර ඇවිත් සුපුරුදු තැනින් වාඩිඋනා....හෝසෙයොක් ඉක්මනට ඕඩර් එක අරන් එද්දි දැක්කෙ සුදු මල් පොකුරක් දිහා බලන් තනියෙන් හිනාවෙවි ඉන්න ජින්ව...

"එක්ස්කියුස් මී..."

"හෝසෙයොක්...පොඩ්ඩක් වාඩිවෙන්න..මට කතා කරන්න ඕන ඔයා එක්ක..."

හෝසෙයොක් කෑම ටික ටේබල් එකෙන් තියලා යන්න හදලත් ජින්ගෙ කිමට ආයෙත් වාඩිඋනෙ ජන්කුක් කිචන් එක බලාගන්නම් කිව්ව නිසා..

"ඇයි හියුන්...."

ජින් හිනාවෙවි එයාගෙ අතේ තිබ්බ සුදු මල් පොකුර හෝසෙයොක්ගෙ අතට දුන්නා...

"ඇයි මේ හියුන්..."

"කොහොම උනත් තැන්ක්‍යු...මේක ලස්සනයි.."

Monday | •2Seok•Where stories live. Discover now