Chapter 01

1K 126 12
                                    

"ජිමින්....?"

"ජිමින්......"

"ටේ බෙයාර්..."

"කොච්චර බලන් හිටියත් එයා එන්නේ නෑ ජිමින්... එයා ගිහින්..."

"ඇයි ටේ එයා එහෙම කරේ.. අවුරුදු ගාණක ආදරේට මෙහෙම කරේ ඇයි...?"

"ජිමින් දැන් ඒක අමතක කරන්න..  ඉස්සරහට මොකද කරන්නේ..."

"මං දන්නෑ හොබී..."

"දැන් ගෙදර යමු ජිමින්... මෙතන මිනිස්සු තාමත් ඔයා දිහා බලාගෙන..."

"ඔයාල යන්න මට තැනකට යන්න තියෙනවා..."

ජිමින් වෙඩින් ෆුල් කිට් එක පිටින් එහෙම කියලා කාර් එකේ කී එකත් අරන් ගියේ චර්ච් එකේ හිටපු අය අතර කසුකුසුවක් යද්දී...

පාර්ක් ජිමින් අද ලෑස්ති වෙලා හිටියේ එයාගෙ වෙඩින් එක වෙනුවෙන්... ඒත් බලාපොරොත්තු නොවුණු විදියට එයා මැරි කරන්න හිටපු කෙනා එහෙම නැත්නම් ටේමින් වෙන කෙනෙක් එක්ක ගිහින් තිබුණේ ජිමින්ව සෙනඟ ගොඩක් ඉස්සරහ අසරණ කරලා.. එයාලගේ අවුරුදු ගාණක එෆෙයාර් එකම හෑල්ලු කරලා දාලා..  ජිමින්ගෙ හිතේ දැන් තියෙන්නේ කලකිරීමක් විතරයි..  ඇයි ටේමින් එහෙම කරේ..  ඒක විතරයි එයාට දැන් හිතුණේ

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

"මිස්ටර් ලී ඔයා තවත් මට කියන්නේ ඔයාලව විශ්වාස කරන්න කියලද....? ඔයාල විශ්වාස කරලා මං මේ මැරේජ් එකට කැමති වුණේ මෙහෙම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි ...."

"මිස්ටර් යුන්ගි...! ප්ලීස් අහන්න මේ ගැන අපි කිසිම දෙයක් දැනගෙන නෙවෙයි හිටියේ... ඇත්තටම අයිම් රියලි සොරි මිස්ටර් යුන්ගි..."

"හහ් සොරි.. තමුන්ලට පුළුවන් මොකක් හරි වැරැද්දක් කරලා සොරි කියන්න විතරයි.. යනවා යන්න මෙතනින්...!"

.

.

"හ්‍යුන්ග් ..."

"කුකී....!"

"දැන් මොකද කරන්නේ..."

කුකී යුන්ගිගෙන් ඇහුවේ ඇස්වල කඳුළු පුරෝගෙන... මොකද එයා හුඟක් ආසාවෙන් හිටියේ එයාගෙ හ්‍යුන්ග් මැරි කරලා සතුටින් ඉන්නවා බලන්න...

Cold CEO ||Yoonmin|| Complete || ✅Where stories live. Discover now