Chapter 07

516 102 14
                                    

(❌⚠️️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~

Jimin's pov

අපි හිටියේ ටේකුක් දෙන්නා හනිමූන් එකට ඇමරිකා යන එක ගැන කතා කර කර...

ජින් හ්‍යුන්ග් නම් කැමතිම නෑ වගේ කුකීවයි ටේවයි යවන්න.. එතකොට යුන්ගි හ්‍යුන්ග්.. මං දන්නවා ඔය සද්ද නැතුව හිටියට එයාටත් කුකීව එයාගෙ ඇස් මානයේ තියාගන්න ඕන කියලා...
මං කල්පනා කර කරම හ්‍යුන්ග් දිහා බලන් හිටියේ එයා දිහා කොච්චර බලන් හිටියත් ඇති වීමක් නැති නිසා... අද එයා වෙනදටත් වඩා හැන්ඩ්සම්... කෙල්ලෝ කොල්ලෝ කීදෙනෙක් දැන් බැල්ම දානවා ඇතිද කියලා කල්පනා වුණාම මට තරත් ගියා  😒😒😒

චිමී.....
ඒත් එකපාරටම කෑගහගෙන ඇවිත් මාව බදාගත්ත කෙනා නිසා මගේ කල්පනාව බිඳුණා....
ඒ එයා....

මං ඉක්මනින් හ්‍යුන්ග් දිහා බැලුවත් එයත් මේ වෙද්දී බලන් හිටියේ මගේ ඇගේ එල්ලිලා හිටපු කෙනා දිහා... එයාගෙ ඇස්.. ඒවා එකවරම වෙනස් වුණේ මට හිතාගන්න බැරි වුණා....



Author's pov


චිමී.... මොකද කතා නැත්තේ... සප්‍රයිස් වුණා නේද....

ට්...ටේ...මි...න්
ජිමින් හෙමීට මිමිණුවේ යුන්ගි දිහා බලාගෙනමයි...

ඉතින් බේබි කොහොමද ඔයාට.. මං නැතුව පාළුවෙන්ද හිටියේ

එයා හොඳින් ඉන්නවා ටේමින්... හිටියටත් වඩා හොඳට... මොකද එයාට ලැබුණේ මේ ලෝකෙ ඉන්න හොඳම හස්බන්ඩ්...

ජිමින් ඉන්න තත්වේ තේරුණ නිසා හොබී කිව්වේ ටේමින්ගේ මූණ ඇද වෙලා යද්දී.. ටේමින් හිතුවේ ජිමින්ව එයා දාලා ගියාම ජිමින් එයා ගැනම හිතහිත දුක් වෙවී ඉඳීවි කියලා... ටේමින් දන්නවා ජිමින් මැරි කරා කියලා... හැබැයි ඒ කවුද කියලා එයා දන්නේ නෑ... 

චිමී.... බේබි ඔයා සතුටින්ද
ටේමින් ආයෙත් ඇහුවේ අනික් අය කිව්වත් ජිමින්ගෙන් දැනගන්න ඕන නිසා..  එයා බලාපොරොත්තු වුණේ ජිමින් එයා වෙනුවෙන්ම බලන් ඉන්නවට....

Cold CEO ||Yoonmin|| Complete || ✅Where stories live. Discover now