Chapter 10

511 99 14
                                    

(❌⚠️️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~

@Airport

දෙන්නා පරිස්සමෙන් ගිහින් එන්න... ආවම හැමදේම පැහැදිලි කරලා දෙන්නම්... හරිද
නම්ජුන් කිව්වේ තාමත් යුන්මින් දෙන්නා නොදන්න දෙන්නට නොකියපු දේවල් ටිකක් තියෙනවා කියලා දන්න නිසා...

ජිමින්... මේ අවුරුද්ද පුරා මං දැක්කා යුන්ගි ඔයාට ආදරේ කරපු විදිය වගේම එයා ඔයා නැතුව විඳවපු විදිය...  ඒ වගේම ඔයත් ආදරේ කරා වගේම දුක් වින්දා කියලත් මං දන්නවා.. ඉතින් අද ඉඳලා මේ දැන් ඉඳලා දෙන්නම සතුටින් ඉන්න... ආදරේ කරන්න...  දෙයක් ගැන සැකයක් තියෙනවා නම් දෙන්නා කතා කරන්න.. ප්‍රශ්න විසඳගන්න... ඒ නැතුව හැමදේම මගෑරලා ප්‍රශ්නවලින් පැනලා ගියා කියලා ඒවා විසඳෙන්නේ නෑ.. තේරුණා නේද... යුන්ගි මං ඔයාටත් එක්ක කිව්වේ...

ජින් ඇහුවේ යුන්මින් දෙන්නා තරඟෙට ඔලුව වනද්දි.. ඇයි ඉතින් නෑ කිව්වොත් එහෙම රැප් එකක් අහගන්න තමා වෙන්නේ

ජිමින්

පපා...

සතුටින් නේද

ඔයා කිව්වා වගේම මං සතුටින් පපා... තැන්ක්‍යූ මං වෙනුවෙන් මෙච්චර දේවල් කරනවට.. ඒවගේම සොරි පපා හිතුවක්කාර වෙලා ඔයාගෙන් ඈත් වෙලා අවුරුදු ගානක් හිටියට...
ජිමින් කිව්වේ ජේමින්ගෙ ඇගේ එල්ලිලා පොඩි එකෙක් වගේ අඬන ගමන්..

අතීතෙ දේවල් අතීතෙම තිබුණදෙන් ජිමින්.. මං වුණත් ඔයාට බල කරා විතරයි ඔයාගේ පැත්තෙන් හිතුවේ නෑනේ...

තැන්ක්‍යූ පපා... ඔයා තමා මේ ලෝකෙ ඉන්න හොඳම පපා... ලව් යූ පපා

Cold CEO ||Yoonmin|| Complete || ✅Where stories live. Discover now