Chapter 05

562 105 16
                                    

(❌⚠️️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~

Jimin's pov

මං ඇහැරුණේ මූණට වැටුණු තද ඉර එලිය නිසා.. ඊයේ නිදාගත්තේ යුන්ගි හ්‍යුන්ග් ළඟ කියලා මතක් වුණාම මාව රතු වෙලා යන්න ඇති කියලා මට හිතුණා
ඒත් එක්කම මට මතක් වුණේ ඊයේ වෙච්ච දේවල් ගැන... හ්‍යුන්ග් හිටියේ නැත්නම් ඇත්තටම මට මොනවා වෙයිද කියලා මතක් වෙද්දිත් මගේ ඇස්වලින් කඳුළු ගලාගෙන ගියේ බයට...

මුළු කොරියාවම දන්න පාර්ක් ජිමින්.. park cooperationවල අනාගත අයිතිකාරයා.. හැමෝම එයාගෙ සීයා වගේම ගොඩක් ශක්තිමත් කියලා හිතාගෙන ඉන්න පාර්ක් ජිමින් මේ වගේ පුංචි දේකටත් දුර්වලයිද කියලා හිතෙයි කෙනෙක් දැක්කොත්... ඒත් මාත් මනුස්සයෙක්නේ... මනුස්සයෙක් වුණාම ඒ වගේ දේකට බය වෙන්නේ නැද්ද... කොල්ලෙක් වුණා කියලා බය නොවී ඉන්න ඕනද හැමදේටම... එහෙම නෑ නේද....
ඊයේ හ්‍යුන්ග් තව පොඩ්ඩක් හරි පරක්කු වුණා නම් බැරි වෙලාවත් එයා එතනට ආවෙ නැත්නම්  මාව ඒ තිරිසන් මිනිස්සු අතින් විනාශ වෙලාම යනවා නේද කියලා මතක් වෙද්දිත් මට ඇඬුණා...
මං ඇඬුවා.. හයියෙන් කෑගහලා ඇඬුවා... මං බයයි.  ආයෙත් විඳවන්න බයයි... බැරි වෙලාවත් ඊයේ එහෙම දෙයක් වුණානම් හ්‍යුන්ග්ටත් මාව එපා වෙයි නේද කියලා මතක් වුණාම මට තවත් හයියෙන් ඇඬුණා....

ඔයාලට හිතෙයි ඇයි ඩීල් එකක් වුණ මේ මැරේජ් එක ගැන.. යුන්ගි හ්‍යුන්ග් ගැන ඇයි මං මෙච්චර බය වෙන්නේ කියලා.... දුක් වෙන්නේ කියලා.....
හේතුව... හේතුව තමා....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
( දන්නේ ඥෑහ් ජිමිනා කිව්වේ නෑ මට හේතුව මොකක්ද කියලා 🙃🙃)

Yoongi's pov

මං ජිමින්ගේ රූම් එක ළඟට ගිහින් දොර අරිද්දි මට ඇහුණේ ජිමින් හොඳටම අඬනවා... ( කාමරේ sound proof කියලා හිතාගන්න.. නැත්නම් අර අඬපු ඇඬිල්ල ගමටම ඇහෙන්න එපැයි 😁😁)
මං ඉක්මනින් එයා ළඟට යන්න ගියත් ආයෙත් නැවතුණේ එයා අඬ අඬා මුමුණපු දේ නිසා....

Cold CEO ||Yoonmin|| Complete || ✅Where stories live. Discover now