01

89 14 5
                                    

01

ලෙඩෙක්..

වචනේ ඇහෙද්දි හැමෝම මට අනුකම්පා කලා...ඒත් මං ජීවිතේ වැඩිපුරම සතුටු උනා...ඔව් ලෙඩෙක් උන එකට මං ආදරේ කලා...

මං Kim deiji..අවුරුදු 18ක කෙල්ලෙක්..ගෙදර හැමෝගෙම හුරතලේ...මලක් වගේ මාව බලාගන්න මගේ ඔම්මගේ නිමක් නැති කදුලු අප්පගේ ආදරනීය වචන ඔප්පගේ ලස්සන හිනාව මාව හැමදාම දිරිමත් කලා..ජීවත් වෙන්න පාර කියලා දුන්නා...

අවුරුදු 16ක ඉදන් මං හදවත් රෝගියෙක්...වෙලාවක් නැතිව හිරවෙන හුස්ම...එකපාරටම හුස්ම ගන්න අමාරුවෙන කොට දැනෙන හැඟීම මෙච්චරයි කියලා කියන්න බැරි තරම්...ඒත්..මං ඒ ජීවිතේට ආස කලා...

නිමක් නැති රන්ඩු නිමක් නැති කෑ ගැසීම් වලින් හෙම්බත් වෙලා හිටපු මට මගේ ලෙඩේ නිසා ලෝකේ වටිනම තෑග්ග හම්බුනා...මන් ආස කරන විදිහේ පවුලක්...

ඔව්..,

ඉස්සර හැමදාම රෑට මත් වෙලා ගෙදර එන අප්පා වෙලාවක් නැතිව අම්මට අත උස්සද්දි කර කියාගන්න දෙයක් නැතුව අප්පගේ අතේ එල්ලුනු මන් අවුරුදු 2ක ඉදන් කොච්චර අමාරු උනත් හිතේ සතුටින් ජීවිතේ ගෙවනවා...මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා හිටපු ඔප්පා ටික ටික ඒවගෙන් ඈත් වෙලා අප්පගේ ඔෆිස් එකේ වැඩ භාරගත්තේ මං නිසා කියලා හැමෝම කිව්වා...මොකද මාව සතුටින් තියන්න ඕනි නිසා...මාව සතුටින් තියන්න හැමෝම වෙනස් වුනා...ඇත්තටම දැන් මගේ පවුලේ හැමෝම සතුටින්...මං ඇරෙන්න...

කොච්චර අමාරු උනත් ලොකු අමාරුවක් නෑ වගේ ඉදලා මන් ගොඩක් මහන්සී දැන්...හුස්ම දැන් නැවතුනාන් කියලා හිතුනත් ඔම්මා අප්පා මාව සතුටින් තියන්න හදන විදිහ දැක්කාම ඉබේම ඇස් දෙකට කදුලු එන්නේ කියාගන්න බැරි විදිහට මාව අසරන කරලා...

ලැබීම කියලා හිත හදාගන්න හැදුවත් මට මේ ජීවිතේ දාලා යන්න දැන් දුකයි...මොකද ඒ ජීවිතේට මන් දැන් ඒ තරම්ම ආදරෙයි..🙂❤

.
.
.

-Nino..🍃

Angle Heart 💖Where stories live. Discover now