ටිකට්ස් ඔක්කොම ලෑස්ති කරන් ගෙදර අයත් එක්ක ඩෙයිජි එයා පෝට් එකට යන්න රෙඩි උනා..
හීන ගොඩක් එක්ක
අලුතෙන් ජීවිතේ පටන් ගන්න
මතක ගොඩක් එකතු කරගන්න
ආදරේ කියන වචනෙන් ඈත් වෙන්න
කෙල්ල අන්තිමට ගත්තු තීරනේ මේක
අන්තිමට එයා ගියා
හැමෝගෙන්ම ඈත් වෙලා
සමහරක් විට ..,
ලස්සන ජීවිතයක් හොයන්
ඒත් දන්නවද ජීවිතේ කියන්නෙම ප්‍රෙහේලිකාවක්
ඒ ප්‍රෙහේලිකාව හරියට විසදන අය දිනනවා
විසදගන්න බැරි උන අය පරාද වෙනවා
ඒකයි ජීවිතේ කියන්නේ..
#After 2 years
ඩෙයිජිගේ ජීවිතේ ලස්සනට ගලන් යනවා...එයා දැන් එයාගේ ඩ්‍රිග්‍රි එකේ අන්තිම හරිය කම්ප්ලීට් කරමින් ඉන්නේ..
ඇමරිකා ආපු ගමන කෙල්ලගේ ජීවිතේ වෙනස් කලා..
අලුත් යාලුවෝ..
අලුත් විලාසිතා..
ඩෙයිජිව දන්න කෙනෙක් එයාව දැක්කොත් අදුරගන්න බැරි තරමට එයා දැන් වෙනස් කෙනෙක් වෙලා..
ඉස්සර තිබුන පිරිපුන් සිරුර වෙනුවට කෙල්ලට දැන් තියෙන්නේ ඇදිලා ගියපු සිරුරක්...
ඉස්සර දිගට තිබුන ලස්සන කොන්ඩේ වෙනුවට දැන් පිහිටලා තිබුනේ කන ගාවටවත් දිග නැති චූටි කොන්ඩයක්...
බියර් පොඩ්ඩක් තියා සෝජු ටිකක්වත් කටේ නොතියපු කෙල්ල දැන් හැමදාම බියර් දෙක තුනකට වැඩේ දෙන්න හැමදාම රෑට පුරුදු වෙලා ඉදියා..
ඒත් ඒ හැමදේම අස්සෙන් එයා ඉගෙනීම් කටයුතු ගානට කරන් යන්න අමතක කලේ නෑ...
ඒ වගේම ජිමින්..
තාමත් එයාට තියෙන තැන වෙන කෙනෙක්ට දෙන්න කෙල්ලට බැරි උනා...
"ඩෙයිජී..නවතිනවා හලෝ.."
ඒ කෑගහගෙන එන්නේ කෙල්ලට ඇමරිකා වලදි හම්බුන පරම පිවිතුරු යාලුවා..