06

54 12 11
                                    

AN pov

පැය ගානක ඔපරේශන් එකකින් පස්සේ ඩොක්ටර්ස්ලා එලියට ආවේ සිනා මුසු මුහුණින්...

"තව ටිකකින් ඩෙයිජිව රූම් එකට දානවා ඔයාලට එයාව බලන්න පුලුවන්.." කවුරුත් මොකුත්ම අහන්න කලින් ඩොක්ටර් පිලිතුරු දුන්නේ හැමෝගෙම මූනට හිනාවක් ගෙනල්ලා...

.
.
.

ඩෙයිජි කෙමෙන් කෙමෙන් සුව අතට හැරෙද්දි ජිමින් ටික ටික වෙනස් උනා...ටේ විතරක් දැනන් උන් ඒ කාරණාව ඩෙයිජි කොච්චර ඇහුවත් ටේ කලේ මොකුත් දන්නෑ වගේ හිටපු එක...

එදත් ලස්සන දවසක්...ටේ එක්ක ඩෙයිජි පාර්ක් එකට ගියේ ටේගේ යාලුවෙක් මුනගැහෙන්න....එන්න බෑ කිව්වත් බලෙන්ම ඩෙයිජිවත් එක්කගෙන ටේ පාර්ක් එකට ගියා...

"යාහ් පාර්ක් ජිමින් උබටත් ඒනම් හරි ගියා..." ජිමින් මෙතන එකපාරටම කොහෙන්ද කියලා බලපු ඩෙයිජි දැක්ක දෙයින් එයාට කියාගන්න බැරි දුකක් දැනුනත් එයා ඉවසුවා...

තරමක් දිග කොන්ඩයක් තිබුනු බළල් ඇස්දෙකකට හිමිකම් කියූ ලස්සන බෝල කෙල්ලෙක් ජිමින් අතේ එල්ලිලා හිටියේ බලන් ඉන්න කෙනෙකුට ඒ දෙන්නා කපල් එක කියලා අදුරගන්න පුලුවන් වෙන්න වගේ...

"ඩෙයිජියා මේ ඉන්නේ Jeon jiniya...මගේ girlfriend...අපි දෙන්නා ඉක්මනට මැරි කරන්න ඉන්නේ..." කියන ගමන් ජිමින් එයාගේ ළඟ හිටපු ගර්ල්ව අදුන්වලා දෙද්දි ඩෙයිජි කිසිම දුකක් නෑ වගේ ඒ ගර්ල්ට අතට අත දුන්නා...

ටික වෙලාවක් කතා කර කර ඉදලා ජිමින් යන්න පිටත් වෙද්දි ඩෙයිජි අන්තිම පාරටත් ජිමින් දිහා ලස්සනට හිනා වෙලා බැලුවා...

සමහරක් විට ඒ අන්තිම පාරට වෙන්නැති...

     ••••••••••••••

ටික වේලවක් යනකම් එතන තිබ්බේ නිහැඩියාවක්...

"ඔප්පා.." නිහඩබව බිදිමින් ඩෙයිජි කතාකලා..

"මන් එයාට ආදරේ කලා..." වැටෙන කදුලු බිදු වලට නිදහසේ ගලන් යන්න දෙමින් ඩෙයිජි තමන්ගේ සහෝදරයා ඉස්සරහා ඔක්කොම කියන්න පටන් ගත්තේ හරියට පොඩි ළමයෙක් ස්කෝලේ ගිහින් ඇවිල්ලා අම්මට හැමදේම කියනවා වගේ...

"ඩෙයිජියා..සමහරක් තීරණ අපි ගන්න ඕනි හොදට හිතලා බලලා...විශේෂයෙන් ආදරේ කියන දේ..ඔයා තාම පුංචි වැඩී ඩෙයිජියා..ඒත් දවසක ඔයාට තේරෙයි...එදා වෙනකම් අපි බලන් ඉම්මු..."  එහෙම කියලා ටේහ්‍යුන් එතනින් පිටත් උනේ තමන්ගේ නංගිට ටිකක් තනියෙන් ඉන්න දීලා..

.
.
.

-Nino..🍃

Angle Heart 💖Where stories live. Discover now