09

32 7 26
                                    

කිසිම දෙයක් තේරුම් ගන්න බැරි උන නිසාත්
ගෙදර අවට ඉන්න මිනිස්සු නිසාත්
කෙල්ලගේ හිතට නුහුරු හැගීම් ගොන්නක් ගලන් ආවා..

ඒ බයත් එක්කම කෙල්ල ජිමින්ගේ අත ගසලා දාලා ගෙට දිව්වේ අප්පව බලන්න...

අවුරුදු 2කට පස්සේ ඔම්මා අප්පා ඔප්පාගේ තුරුලට යන්න බලාගෙන ගෙට දිව්ව කෙල්ලට දකින්න ලැබුනේ කවදාවත් දකින්න හිතපු නැති දසුනක්...

එයාගේ ඔම්මයි අප්පයි සාලේ මැද සැතපිලා..නිකම් ම නෙමේ මල් වලින් පිරුන මිනී පෙට්ටි දෙකක...

"අන්ද්වේ.. "

කෙල්ලගේ කකුල් දෙක පන නැතුව වැටෙන්න යද්දි ජිමින් කෙල්ලව අල්ල ගත්තා

"ඔප්පා..අනේ ඔප්පා මේ මොකක්ද මොකක්ද මේ උනේ...අනේ එයාලට නැගිටින්න කියන්න...එයාලගේ ඩෙයිජි ආවා..එයාලට නැගිටින්න කියන්නකෝ ඔප්පා..අනේ.. "

කොල්ලගේ සුදු පාට ශර්ට් එක අතට ගුලි කරන් කෙල්ල හොදටම ඇඩුවා...මිනා කලේ කෙල්ලගේ ඔලුව අතගගා කෙල්ලව සනසපු එක..ඒත් නිමක් නැතුව ඇස් වලින් කදුලු වැටුනා..

"අනේ...ජිමිනි එයාලට මාව හග් කරන්න කියන්නකෝ..අනේ...මගේ මගේ අප්පට කියන්නකෝ මාව කිස් කරන්න කියලා..අනේ..😭 "

"මැනික මේ අහන්න...කෝ ශ් ශ් දැන් ඇති... "

"අනේ මිනා..එයාලට කියන්නකෝ නැගිටින්න කියලා ...මිනා..මගේ ඔම්මට කියන්නකෝ..එයා එයා ඔයාට ආදරෙයි නෙහ්..මිනා..ජිමිනී එයාලට නැගිටින්න කියන්නකෝ...චෙබල් ඔම්මා අප්පා නැගිටින්නකෝ...මගේ ඔප්පා කෝ අනේ... "

කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව කෙල්ල කෑගගහා ඇඩුවා...

මොන ලමයටද පුළුවන්

අවුරුදු ගානකින් ආවාම තමන්ගේ පවුල මෙහෙම  ඉන්නවා දකින්න...

ඒත් ඩෙයිජි ඒ තරම් අවාසනාවන්ත උනා..

අඩලා අඩලා හෙම්බත් උන කෙල්ල ජිමින්ගේ තුරුලෙම නින්දට වැටුනා..කොල්ලා කෙල්ලව කාමරෙන් තියලා බෙඩ්ශීට් එකත් පෙරවලා ආවේ සාලේ බලන් ඉන්න මිනා ලගට...

"ඩෙයිජිගේ පවුලේ අයට මොකද උනේ..."

අවුරුදු දෙකක් උනත් හැමදාම ඩෙයිජිට කෝල් කරද්ද කිම් ෆැමිලි එක මිනා ගැන හොයලා බැලුවා...එයා එක්කත් කතා කලා...තමන්ට නොලැබුන පවුල තමන්ට ලැබුනා කියලා විතරයි අන්තිමට මිනාට තේරුනේ...ඒත් මේ වගේ දෙයක් උනාම එක පාරටම මිනායත් හොදටම කන්ෆියුස් උනා..

Angle Heart 💖Where stories live. Discover now