"කව්ද මේ"
"මම දන්නෙත් නෑ. ජන්කුක් තමයි හොයාගෙන තියෙන්නෙ"
"ඇත්තටම? ඒක ටිකක් අමුතුයි. අපි ගොඩක් කලාතුරකින් තමයි දකින්නෙ කැලේ ඉන්න වෘකයෝ. මේ දවස්වල වෙන දේවල් දන්නවනේ"
"මෙයා අවදි වෙන්නෙ කොයි වෙලාවටද ?"
"ම්ම්...ඕනම වෙලාවක. දැනටමත් උදේ වෙලානෙ "
දෙදෙනෙක් කතා බහ කරමින් බලා සිටියේ ඔවුන්ට යාබදව තවමත් නින්දක පසුවන, පෙර පරිච්ඡේදයේ දී ලුහු බැඳි පිරිමි ළමයා දෙසයි. මොකද ඔහු ඔවුන්ගෙ පැක් එකේ අනිත් වෘකයන්ට වඩා වෙනස් වුනා.
ඔහු කුඩා මෙන්ම වඩාත් සියුම් පෙනුමකින් යුතුව වුනා.නිසැකයෙන්ම ඒ 95% ම ඇල්ෆා හෝ බීටාවෙකු විය යුතුයි. මොකද ඔවුන්ගෙ ඇල්ෆා ඔහුගෙ මේ පැක් එකට ඔමෙගාවන් භාර ගන්නෙ නැහැ. ඔහු ඔමෙගාවෙන් කෙරෙහි වෛරයකින් පසු වුනා. ඔවුන්ගෙ පැක් එකේ හිටියෙ ඔමෙගාවන් කිහිප දෙනෙක් පමණයි. එයින් එක ඔමෙගාවෙක් මේ කාමරය තුල දැනටමත් සිටිනවා. ඔහුගෙ නම ජිමින්.
ඔහුට මේ පැක් එක තහනම් නොවුනේ ජිමින් කුඩා වයසෙ ඉඳලම මේ පැක් එක අයිති ඇල්ෆාගෙ මිතුරෙක් වුන නිසා. එය ඇල්ෆට ඒ ඔමෙගාව විශ්වාස කිරීමට හේතුවක් වූ නමුත් ඔහුට සම්පූර්ණයෙන්ම ඔමෙගාවන් ඉවත් කිරීමට අවශ්‍ය වූ අවස්ථාවන්ද තිබුණා. නමුත් ජිමින්ට එයින් කරදරයක් නොවුනේ, ජිමින්ගෙ මේට් ඉන්නෙත් මේ පැක් එකේම නිසා.
"ඔහ් ! බලන්න එයා අවදි වෙනවා !"
අනෙක් කෙනා කියද්දි ඔවුන් දෙදෙනාම උනන්දුවෙන් ඒ අලුත් පිරිමි ළමයා දෙස බැලුවා. ඔහුගෙ දෑස් සෙමින් විවර වෙනවත් සමඟම ජිමින් වගේම අනෙකාත් පුදුමයට පත් වුනේ ඔහුගෙ ඇස් වල තිබුණු නිල් පැහැයත් එක්ක. සාමාන්‍යයෙන් නිල් පැහැති ඇස් ප්‍රධානවම ආවේණික වෙන්නේ ඔමෙගාවන්ට වුනත් මොහු ඔමෙගාවෙක් විය නොහැකියි. එසේ වුනා නම් ඔවුන්ගෙ ඇල්ෆා කිසිම විටෙක ඔමෙගාවෙක්ව තමන්ගෙ පැක් එකට නොගෙනෙන බව ඔවුන් හොදාකාරවම දැනන් හිටියා.
නිල් පැහැති ඇස් සහ බ්ලන්ඩ් කලර් හිසකෙස් ඇති ඒ පිරිමි ළමයා කාමරය පුරා වටපිට බැලුවෙ ව්‍යාකූල වූ මුහුණින් යුතුව. ඒත් සමඟම එතුල තවත් ඇල්ෆාවෙක් සිටිනු දැකීමත් සමග ඔහුගේ නිල් පැහැ දෑස් විසල් වූ අතර ඔහු බියෙන් ඇඳෙහි පසු පසට ගියා. ඔහුගේ ඒ චලනයන් සමග ඔහුට සිය තුවාල වලින් වේදනාවක් දැනෙන්න ගත්තා.
YOU ARE READING
𝖯𝗎𝗋𝗉𝗅𝖾 𝖬𝗈𝗈𝗇 | 𝖳𝖺𝖾𝗄𝗈𝗈𝗄 𝖮𝗆𝖾𝗀𝖺𝗏𝖾𝗋𝗌𝖾 [සිංහල පරිවර්තනය]
Werewolf' ඔමෙගාවන්ට වෛර කරන නපුරු ටෲ බ්ලඩ් ඇල්ෆා කෙනෙක්. දවසක් ඒ ඇල්ෆා, එක් බීටාවෙක්ව බේරගෙන ඔහුගෙ පැක් හවුස් එකට එක්කගෙන යනවා. නමුත් ඔහු ඇත්තටම බීටාවෙක් ද ? බීටා, ඔහුට හැකි උපරිමයෙන් ඇල්ෆාගෙන් සැඟවීමට උත්සාහ කරමින් සිටී.. ' I am only the translator of t...