18: Hug

881 183 31
                                    

ජන්කුක් ඔහුගේ ඔමෙගා මේට් පිළිගත්තට පස්සෙ ජන්කුක් ඔමෙගාට විවේක ගන්න ඉඩ දීලා සිටියා. විෂ බොහෝ දුරට පහව ගොස් තිබුණත් තව ටිකක් විවේක ගන්න එක ඔහුට නරකක් වෙන එකක් නැහැ.

දැන් ඔහු කල්පනා කරමින් ඉන්නෙ මේ තීරණය හරිද කියලා. ඔහුට ඒ තේරීම අවශ්‍යයි...ගොඩක්. ඒත් ඔහු තමන්ගෙ අනෙක් සයිඩ් එක ගැන වොරි වුනා. තමන් කරපු වරද ගැන ඔහු කනස්සල්ලට පත් වුනා.

ඒක හරියට ඒ වරද ද, ඔහුගෙ මේට්ව ද කියල තෝරාගැනීමක් වගේ.

ඒත් එදා ඔහු තමන්ගෙ මේට්ව තෝරගත්තෙ නැහැ...........

~

"Hey ජන්කුක්.." යමෙක් කාමරයට ඇතුල් වුනා. ඒ නම්ජූන්. ජන්කුක් සුසුමක් පහත හෙළුවා. ජන්කුක් නිතරම තමන්ගෙ කාමරයට ඇතුල් වෙන අයට කැමති නැති වුණත් දැන් ඔහුට යන්න කියන්න ජන්කුක්ට හිතුනෙත් නෑ. ඒ නිසා ඔහු නම්ජූන් දිහාට හැරිලා බලාගෙන හිටියා.

"මට ඔයයි ටේහ්‍යුන්ග් ගැනයි ආරංචි වුනා. " වැඩිමහල් ඇල්ෆා කතා කරන්න පටන් ගත්තා.

"නිව්ස් ඉක්මනට පැතිරෙනව වගේ නේද..."

"ඔව්, හෝසොක්. ඔයා දන්නවනේ ඒක වෙන්නේ කොහොමද කියලා" අනෙක් ඇල්ෆා හිනාවුණා. "ඒත් ඒකට නෙවෙයි මම මෙහේ ආවෙ."

"එහෙනම් ඇයි?" රාවෙන් ඇල්ෆා ඇහිබමක් එසවුවා.

"මට ඔයත් එක්ක මේ ගැන කතා කරන්න ඕන. මම දන්නව ඔයාට ඕන නෑ කියලා. ඒත් අපිට ඒක කරන්න වෙනවා."

ජන්කුක් ඇස් රෝල් කළා. ඒත් ඔහු නම්ජූන් ඉදිරියෙන් වාඩි වුනේ ඒ ගැන කතා කරන්න එකඟ වෙමින්.

"මම දන්නව ඔයයි ඔයාගෙ අනිත් කෙනයි ගැන. ඒත් අපි මේ දේවල් හරි ගස්සමු අව්ලක් වෙන්නැති විදියට. "

"මට කන්ට්‍රෝල් එක නැති වුනාම මාත් එක්ක ෆයිට් කරන්න. ඒක අවුලක් නෑ. "

"මන් අදහස් කළේ ඒක නෙවෙයි...." නම්ජූන් ඔහුගේ හිස දෙපසට වැනුවා. ජන්කුක් ඉන් පස්සෙ කුතුහලයට පත් වුනා. ෆයිනලි, කතා කරන්න අලුත් ටොපික් එකක්.

"ඒ ඔයාලා දෙන්නා ගැන. විශ්වාසද ඔයාට මේක කරන්න පුළුවන් කියලා? අයි මීන් ඒක රිස්කි මූව් එකක්."

𝖯𝗎𝗋𝗉𝗅𝖾 𝖬𝗈𝗈𝗇 | 𝖳𝖺𝖾𝗄𝗈𝗈𝗄 𝖮𝗆𝖾𝗀𝖺𝗏𝖾𝗋𝗌𝖾 [සිංහල පරිවර්තනය]Where stories live. Discover now