8: Forest

840 207 64
                                    

ඒ වුනු දේට පස්සෙ, ටේහ්‍යුත් තීරණය කළා එළියෙ ඇවිදලා නැවුම් වාතය ටිකක් ලබාගන්න. ඔහුගෙ මේට්ගෙන් දුරස්ව හිඳිමින්. ඔහුගෙ වෘකයා ජන්කුක් වෙනුවෙන් හඬා වැලපීම නතර කළේ නැහැ. එය බීටාවෙක් ලෙස රඟපෑමට ටේහ්‍යුන්ට අපහසු කරන්නක් වුනා. මොකද ඔහු බීටා කෙනෙක් නෙවෙයිනෙ. ටේහ්‍යුන්ට අවශ්‍ය වුනේ තම ඇල්ෆා වෙත දිවගොස් ඔහුගේ ඒ දෑත් අතර ගුලි වීමටයි.

ඉතින් දැන් ටේහ්‍යුන් ඇවිද යමින් සිටියා, පෙර කී කුඩා දැරිය ආරක්ෂිත යැයි පෙන්වූ මාර්ගයක. එය වැවක් වෙත දිවෙන මාර්ගයක්. ටේහ්‍යුන් හිටියෙ එය දකින්නට කුතුහලයෙන්.

නමුත් ටේහ්‍යුන් නැවතුනා. ඔහු හැරී බැලුවෙ ඔහුට පැත්තකින් පෙනෙන වනාන්තරය දෙස. ඒ අසල පියඹමින් සිටියෙ කහ පැහැති අලංකාර සමනලයෙක්. ඔහු ඒ දෙස බලා සිනාසුනා. ටේහ්‍යුන්ට අවශ්‍ය වුනේ ඒ වෙත ළං වෙන්න. සමනලයාව අල්ලා ගන්න. ඒත් එක්කම ටේහ්‍යුන්ට මතක් වුනේ අර පුංචි ගැහැනු ළමයගෙ වචන. ඇය කිව්වා මාර්ගයෙන් ඉවතට නොයන ලෙස. ඒක භයානකයි.
නමුත් ටේහ්‍යුන් බොළද වුනා. ඔහු තමන්ටම කියාගත්තෙ ඔහු වැඩි දුර නොයන බව, එමෙන්ම තමන් කෙලින්ම ගියොත් අතරමං නොවෙන වග.

කෙසේ වුවත් ටේහ්‍යුන්ට අමතක වුනා, තමන් ගිය කෙලින් පාර දිගේම ආපහු එන්න නම් ඒ පාර මතක් වෙන්න මොනවමහරි තියෙන්න ඕන කියන එක. ඉතින් දැන් ඔහු මෙතන සිටගෙන ඉන්නවා, සමනලයා අල්ලා ගන්න ඉහළට පනිමින්.

"අයියෝ..යන්න එපා! " ටේහ්‍යුන් කිව්වෙ සමනලයා තවත් උසට සහ තමාගෙන් ඈතට පියඹනු දැකීමෙන්. අන්තිමේ ඔහු එය හඹා යෑම අත් හැරියා. ඔහු දැන් ආපහු යන්න ඕන. ටේහ්‍යුන් එක් දිශාවකට මඳ දුරක් ගොස් ආපසු හැරී තවත් දිශාවකට ගියා.

ඒත් එක්කම ඔහු නැවතිලා වටපිට බැලුවා. "මේ ඒ පාර නෙවෙයිද?...." ඒ පාර එතනින් අවසන් වී තිබුණා. ඔහුට බයක් දැනෙන්නට වුනා. මොකද ඔහුට මේ පාර මතක නැති නිසා. ඔහු ආපසු හැරුණා.

"Oh no! Oh no!" ඔහු මෙතරම් දුරක් ඒමට අදහස් කළේ නෑ. ටේහ්‍යුන් කනස්සල්ලෙන් සුසුම් ලෑවා. ඔහු තමා අවට ඇති දේවල් මතකයට නඟා ගැනීමට උත්සාහ කළා. නමුත් ඔහුට එය කරන්නට පුළුවන් වුනේ නෑ. මේ දේවල් පෙරදි දැකපු දේවල්ද නැත්නම් අලුත් දේවල්ද කියල ටේහ්‍යුන්ට හිතාගන්න බැරි වුනා.

𝖯𝗎𝗋𝗉𝗅𝖾 𝖬𝗈𝗈𝗇 | 𝖳𝖺𝖾𝗄𝗈𝗈𝗄 𝖮𝗆𝖾𝗀𝖺𝗏𝖾𝗋𝗌𝖾 [සිංහල පරිවර්තනය]Where stories live. Discover now