දෙදෙනා නැවත පැක් හවුස් එක වෙත යමින් සිටියේ හොඳ නින්දක් දාන්න හිතාගෙන. ගස් අතරින් කුඩා මාර්ගයේ එක්ව ඇවිදගෙන යද්දි ඈතින් තියෙන පඳුරු අතරින් පැක් හවුස් එක පෙනෙන්නට වුනා.
ඒක හරිම නිස්කලංක හැන්දෑවක්.
"ඔයා මල් වලට කැමතිද?" ජන්කුක් එකපාරටම ඇහුවා.
"ඔව් මම කැමතියි." ටේහ්යුන් පිළිතුරු දුන්නෙ සිනාවෙමින්.
"මොන මල් වලටද වැඩිය ආස?"
"ම්ම්...මන් හිතන්නෙ රෝස." ටේහ්යුන් කිව්වෙ ඔහුට ටිකක් අපහසුතාවයක් දැනෙද්දි හිස පිරිමදිමින්. ඔහුගෙ කලින් පැක් එකේ හිටිය ගොඩක් අය රෝස මල් වලට කැමති වුනා. ඒත් ටේහ්යුන් රෝස මල් වලට කැමති වුණේ, මොකද ඒවයින් ටේහ්යුන්ට මතක් වුනා, නිතරම රෝස මලක් හිසේ පැළඳගෙන සිටින තමන්ගෙ අම්මව. ඇගේ කොණ්ඩය තිබුණෙ ලස්සනට ගොතලා ඒක හිස මත hair bun එකක් විදිහට සාදලා.
ඔවුන් දැන් හිටියෙ වනාන්තරයේ කෙළවරේ.
"මෙතනම ඉන්න.මම ඉක්මනට එන්නම් හොඳද..." ජන්කුක් කිව්වෙ ටේහ්යුන්ව පැක් එක ආරම්භයේම තිබුණු නිවසක් ආසන්නයේ අසල නවතමින්.
"ඔයා කොහෙද යන්නෙ? "
"ඔයා ඉක්මනටම දකීවි pup.." ජන්කුක් සිනාවක් සමඟ කිව්වෙ ටේහ්යුන්ගෙ blonde හිසකෙස් මතට පුංචි හාදුවක් තියමින්. ඉන් පස්සෙ තමන්ගෙ වෘක ස්වරූපයට වෙනස් වුන ජන්කුක් කැලය තුළට දිව ගියා.
නිවසට හේත්තු වුන ටේහ්යුන් ඔහුගේ පාදයේ ඇඟිලි තුඩු වලින් වැලි අතර සිදුරක් සාදමින් සිටියා. ජන්කුක් මොනවද කරන්න ගියේ කියල ටේහ්යුන් පුදුම වුනත්, ටේහ්යුන්ට ජන්කුක් එනකල් එතන රැඳී සිටින්න සිදු වුනා.
මේ අතරෙ ගස් අතරින් දිස් වුනු රුවක් ඔමෙගා වෙත ළගා වුනා.
ඒ ක්යුන්. ඔහුගේ දෑස් යොමු වෙලා තිබුණෙ තනිව එතන සිටගෙන ඉන්න ටේහ්යුන්ගෙ දිහාට."තනියමද?" ඇල්ෆා ඇහුවෙ වටපිට බලමින්.
"නෑ. මම ඉන්නෙ ජන්කුක් එක්ක." ටේහ්යුන් උත්තර දුන්නෙ ඇල්ෆා දිහා බලමින්.
"හ්ම්.."
"ඔයාට.. ඔයාට පුළුවන්ද කරුණාකරලා මෙතනින් යන්න?"
YOU ARE READING
𝖯𝗎𝗋𝗉𝗅𝖾 𝖬𝗈𝗈𝗇 | 𝖳𝖺𝖾𝗄𝗈𝗈𝗄 𝖮𝗆𝖾𝗀𝖺𝗏𝖾𝗋𝗌𝖾 [සිංහල පරිවර්තනය]
Werewolf' ඔමෙගාවන්ට වෛර කරන නපුරු ටෲ බ්ලඩ් ඇල්ෆා කෙනෙක්. දවසක් ඒ ඇල්ෆා, එක් බීටාවෙක්ව බේරගෙන ඔහුගෙ පැක් හවුස් එකට එක්කගෙන යනවා. නමුත් ඔහු ඇත්තටම බීටාවෙක් ද ? බීටා, ඔහුට හැකි උපරිමයෙන් ඇල්ෆාගෙන් සැඟවීමට උත්සාහ කරමින් සිටී.. ' I am only the translator of t...