5: Feelings

933 234 49
                                    

ජන්කුක්, ඔහුගේ සයනය මත වැතිර සිටියා.

නමුත් නින්දේ නොවෙයි. ඔහුගේ දම් පැහැති දෑස් විවර ව තිබුණා. ඇත්තටම ඔහුට නිදා ගැනීමට නොහැකිව තිබුණා.

ඔහුට ශක්තිමත් ආත්මයක පැවැත්මක් දැනෙමින් තිබුණා. යමක් ඔහුව දැඩිව ඇද ගන්නවා වගේ. එය ඔහු තුළ සිටින වෘකයා නොසන්සුන් කරවා අවදිව තැබීමට සමත්ව තිබුණා. එය ඔහුට ඇතුළතින් හඬ ගසමින් සිටියා. ජන්කුක් එය නොසලකා හැරීමට උත්සාහ කළත් ඔහුට එය කරන්නටත් නොහැකි වුනා.

ඔහුට එහි යාමට අවශ්‍ය වුනා. තම වෘක සහජ බුද්ධියට ඉඩ දෙමින් ඔහු ඇඳෙන් බැස කාමරයෙන් පිටව කොරිඩෝව දිගේ ඇවිද ගියේ ඔහුගේ දෙපා කොරිඩෝව මධ්‍යයේ ඇති එක් කාමරයක දොරක් අසල නතර වන තුරු යි. ඔහු එහි බිත්තිය දිගේ සිය ඇඟිලි ගෙනගියේ දොරෙහි හැන්ඩ්ලය හසු වන තුරු.

ජන්කුක් ඒ දොර විවර කර කාමරය තුළට ඇවිද ගියා. ඉතින් ඊළඟ මොහොතේ ඔහු සිටියේ පැහැදිලිව දකින්නට පුළුවන් වුන එක්තරා තරුණයෙකුගේ ඇඳක් අසල සිටගෙන.

ජන්කුක්ගේ වෘකයා අමුතු දෙසින් හැසිරෙන බව ඔහුට දැනුනි. ඔහුට මේ තරුණයා සමඟ යම් සම්බන්ධයක් ඇති බව දැනුනි.
නමුත් ඔහුට මේ තරුණයාගේ සුවඳ දැනුනෙ නැහැ. ටේහ්‍යුන් බීටාවෙක්. ඒත් ඇයි ජන්කුක්ට මේ බීටා සමඟ යම් සම්බන්ධයක් දැනෙන්නෙ......

ඔහුගෙ මේට් බීටා කෙනෙක් වෙන්න බැහැ. ඒක වෙන්න බැහැ.

ඒ වගේම ඔහුගෙ වෘකයාටත් එය විශ්වාස නැති වුනා. එය අමුතුයි. ජන්කුක්ට දැනුනා. ජන්කුක් හෙමිහිට ඔහුගේ අත ගෙනගියේ ටේහ්‍යුන්ගේ මෘදු කම්මුල් වෙතට. ඔහුගේ අත පුරා සියුම් ගිනි පුපුරු මෙන් ඇති වන බව ජන්කුක්ට දැනුනා.

"No way!...."  ජන්කුක්ගේ නළල රැලි ගැසුනා. "කොහොමද මෙහෙම වෙන්නෙ..."

"ඔයා මොනවද මෙතන කරන්නෙ?"  එක්වරම ඇසුනු කටහඬත් සමඟ ජන්කුක් ඉක්මනින්ම ඔහුගේ අත ඉවතට ගත්තේ ගින්නට හසු වුනා මෙන්. හිස හරවා බලද්දි ඔහු දැක්කෙ දොර අසල සිටින ජින් ව.

"ඇයි ඔයා ඒ ගැන වද වෙන්නෙ..."

"මොකද එයා මෙහෙට ආව විතරයි. එයාට ඉන්න දෙන්න."  ජින් කිව්වා. ජන්කුක් කිසිම දෙයක් කිව්වෙ නැහැ. ඔහු ටේහ්‍යුන් දෙස අවසන් වරට බැල්මක් හෙළුවේ කාමරයෙන් පිටවීමට පෙර.

𝖯𝗎𝗋𝗉𝗅𝖾 𝖬𝗈𝗈𝗇 | 𝖳𝖺𝖾𝗄𝗈𝗈𝗄 𝖮𝗆𝖾𝗀𝖺𝗏𝖾𝗋𝗌𝖾 [සිංහල පරිවර්තනය]Where stories live. Discover now