"මට බයයි වගේ"
ටේහ්‍යුන් කිව්වෙ ජන්කුක්ගෙ අත තදින් අල්ලගන්න ගමන්. ටේහ්‍යුන් හිටියෙ nervous වෙලා."හේයි, it's okay, pup. Don't be. මම ඉන්නවනේ. ඒ අය ඔයාව පිළිගත්තෙ නැත්නම් ඒ අයට මෙහේ ඉන්නත් බෑ."
ජන්කුක් කිව්වෙ, ටේහ්‍යුන්ව තමන්ගෙ මේට් විදියට පිළිගන්න අකමැති හැමෝවම පැක් එකෙන් එලවලා දාන්න පවා සූදානමින්."ඒ අය මට කැමති නැත්නම්, මම වෙනස්. මම ඔමෙගා කෙනෙක්."
"ඒක මගෙයි වැරැද්ද.. ඒත්, relax pup. හැමදේම හොඳින් සිද්ධ වේවි. ම්ම්..." ජන්කුක් හිනාවක් එක්ක ටේහ්‍යුන්ට කිව්වෙ පුංචි කොල්ලව සනසවමින්.
ජන්කුක්, එයාමයි තමන්ගෙ පැක් එකට ඔමෙගාවන් තහනම් කළේ.. පැක් එකේම යුවළකට දාව ඉපදුනොත් හෝ mated වුනු (උදාහරණයක් විදිහට, යුන්ගිගෙ මේට්, ජිමින්) ඔමෙගාවෙක් හැර.
තමන්ගෙ මේට් කියන කාරණාවෙදි ජන්කුක් පැකිලුණා. ඒත් ඔයාලට දකින්න පුලුවන් දැන්, ජන්කුක් තමන්ගෙ මේට්ව තමන්ගෙන් ඈත් කරලා තියාගන්න කොච්චර උත්සාහ කළත්, ජන්කුක්ගෙ මේට් හරියටම ජන්කුක් ළඟටම ඇවිත් හිටියා. ඉතින් ඔමෙගාවන් තහනම් කරලා ජන්කුක් කරන්න උත්සාහ කරපු දේ සාර්ථක වුනේ නැහැ.ඒත් ජන්කුක් ඒ ගැන පැමිණිලි කළාද? නැහැ.
තමන්ගෙ මේට් ඔමෙගා ටේහ්‍යුන් වුනු එක ගැන ජන්කුක් පසුතැවුනද? ඒත් නැහැ.තමන්ගෙ මේට් හමුවුනු එක ගැන ජන්කුක් හිටියෙ සතුටින්. ටේහ්‍යුන් ගාවදි ජන්කුක්ට හරි සැහැල්ලුවක් දැනුනා. වඩාත් සාමාන්‍ය බවක් දැනුනා.
"ඉතින්, ඔයා ලෑස්තිද? " දෙන්නා පැක් හවුස් එකේ ඉදිරිපස දොර ළඟට ඇවිත් හිටියා. හිස සැලුව ටේහ්‍යුන් හොඳ හුස්මක් ගත්තා. ජන්කුක් ටේහ්‍යුන්ගෙ අත අතහැරලා ඉදිරියෙන් තියෙන විශාල දොර විවෘත කරනවා ටේහ්‍යුන් දැක්කා.
දොර විවෘත වුනාම එතන රැස් වෙලා ඉන්න හැමෝගෙම දෑස් තමන් වෙතට එල්ල වුනු වග දැක්ක ටේහ්‍යුන්ගෙ හදවත තදින් ගැහෙන්න ගත්තා. පැක් එකේ හුඟක් වෘකයෝ ඔවුන්ගෙ දෑස් වලින් ටේහ්‍යුන්, ජන්කුක් දිහා බලන් හිටියා. ඒත් පැක් එකේ හෙඩ් ඇල්ෆා, ජන්කුක් ඉදිරියට ඇවිදගෙන යමින්, ඔහුගෙ තියුණු දෑස් ඒ හැම වෘකයෙක් මතින්ම යවද්දි ඔවුන්ගෙ බැල්ම ඉක්මනින්ම ටේහ්‍යුන්ව හැර ගියා. ජන්කුක්ගෙ ලීඩර් ඕරා එක පැක් එකේ හැම කෙනෙකුටම දැඩි බලපෑමක් ඇති කළා.
YOU ARE READING
𝖯𝗎𝗋𝗉𝗅𝖾 𝖬𝗈𝗈𝗇 | 𝖳𝖺𝖾𝗄𝗈𝗈𝗄 𝖮𝗆𝖾𝗀𝖺𝗏𝖾𝗋𝗌𝖾 [සිංහල පරිවර්තනය]
Werewolf' ඔමෙගාවන්ට වෛර කරන නපුරු ටෲ බ්ලඩ් ඇල්ෆා කෙනෙක්. දවසක් ඒ ඇල්ෆා, එක් බීටාවෙක්ව බේරගෙන ඔහුගෙ පැක් හවුස් එකට එක්කගෙන යනවා. නමුත් ඔහු ඇත්තටම බීටාවෙක් ද ? බීටා, ඔහුට හැකි උපරිමයෙන් ඇල්ෆාගෙන් සැඟවීමට උත්සාහ කරමින් සිටී.. ' I am only the translator of t...