6: Kyun

879 211 47
                                    

ටේහ්‍යුන් හිටියෙ විශාල පැක් ග්‍රවුන්ඩ් එක වටා ඇවිදිමින්. ඇත්තටම ඔහු ටිකක් විතර අතරමං වෙලා. සහ ඒ බව කාගෙවත් අවධානයට යොමු වුනෙත් නෑ.

පිටුපසට කර ගොතන ලද කළු පැහැති හිසකෙස් සහිත පුංචි දැරියක් 'බීටා' ටේහ්‍යුන් පසුපසින් ඇවිද යමින් සිටියේ, ඇගේ දෑත් තම පිටුපසට කරගෙන පුංචි වුවත් ආත්ම විශ්වාසයකින් යුතු පෙනුමක් ගෙන දෙමින්.

ටේහ්‍යුන් නතර වූ විට පුංචි කෙල්ල සිනාසුනා. ඇය බලා සිටියේ මේ අවස්ථාව තෙක්.

"Hello little girl" ටේහ්‍යුන් පුංචි කෙල්ල වෙත සිනාසෙමින් පවසද්දී ආපිට ඔහුව සිනාවක් පෑ ඇය ටේහ්‍යුන්ගෙ කකුල් අල්ලා ගත්තා. ඇය ඇල්ෆා ගැහැනු දරුවෙක්!.

"ඔයා අළුත්! ඒ වගේම අතරමං වෙලා වගේ." ඇය කලබලයෙන් මෙන් ඇසුවා.

"ම්ම්..ඔව්." ටේහ්‍යුන් මේ හුරුබුහුටි පුංචි කෙල්ල එක්ක සුරතල් ලෙසින් සිනාවුනා. "ඔයා මෙහේ තැන් ගැන දන්නවද?"

"ම්ම්ම්?" ඇය තම පුංචි නිකටට තමන්ගෙ පුංචි ඇඟිල්ලකින් තට්ටු කරමින් මොහොතක් සිතුවා. "මට පුළුවන් ඔයාට මේ අවට පෙන්නන්න."

"ඔහ්, ඒකත් හොඳයි. මම කැමතියි ඒකට."

"ඕ! යේ! C'mon cute wolfie! follow me! " කියූ ඇය ටේහ්‍යුන්ට ඉස්සර වුනේ උඩ පනිමින්.

ටේහ්‍යුනුත් මේ පුංචි කෙල්ල පසුපස ඇවිද ගියේ සතුටින්. පුංචි උනත් ඇය බොහොම කාරුණික යි. මේ පැක් එකේ ගොඩක් දේවල් ලස්සනයි. මෙතෙක් ඔහුට හමු වුනේ හොඳ අය. හැබැයි ජන්කුක් ඇර! මොකද ජන්කුක්, ජන්කුක්මයි!

"Look! මේක තමයි මගෙ ගෙදර!" ඇය කුඩා නිවසක් පෙන්වමින් පැවසුවා. "එතකොට අර පැක් හවුස් එක." ඇය පැක් හවුස් එක පෙන්වුවා.

"ම්ම්..හරි." ටේහ්‍යුන් හිස සැලුවා.

පුංචි කෙල්ල තවත් ඉස්සරහට පැන්නා. ඔවුන් ඉදිරියේ පෙනෙන්නට තිබුණෙ වනාන්තරය.

"එහෙට කවදාවත් යන්න එපා, එහේ ඉන්නෙ බෑඩ් වුල්ෆිලා. ඒ වගේම බෑඩ් මිනිස්සු." ඇය කිව්වෙ තම නළල රැලි ගන්වමින්.
"ඒ කියන්නෙ--"

"මට තේරුනා." ටේහ්‍යුන් මුමුණමින් සුසුමක් හෙළුවා.

"මොකක්ද ඔයා අදහස් කරන්නෙ?" ඇය ඇහුවෙ ඇගේ පුංචි හිස පැත්තකට ඇල කරමින්.

𝖯𝗎𝗋𝗉𝗅𝖾 𝖬𝗈𝗈𝗇 | 𝖳𝖺𝖾𝗄𝗈𝗈𝗄 𝖮𝗆𝖾𝗀𝖺𝗏𝖾𝗋𝗌𝖾 [සිංහල පරිවර්තනය]Where stories live. Discover now