"මම බලාගෙන හිටියා ඔමෙගා " ඩීමන් කිව්වෙ දොර දෙසට පිටුපසට යමින් ඉන්න ඔමෙගා වෙත ළං වෙමින්. ඔමෙගා සිය නිල් පැහැ දෑස් වලින් තමා ඉදිරියේ සිටින ඇල්ෆා දිහා බියෙන් බලාගෙන හිටියා.
"ඔයා තනියම ඉන්නවා වගේ පේන්නෙ. කොච්චර දෙයක්ද ! " වියරු ලෙසින් සිනාවුන ඩීමන් ඔහුගේ දම් පැහැ දිලිසෙන දෑස් වලින් පුංචි ඔමෙගාව පරීක්ෂා කළා.
"ජ-ජන්කුක් ?" ටේහ්‍යුන් කතා කරද්දි ඒ නමට යක්ෂයා ඇස් රෝල් කරලා බැලුවා.
"එයා එන්නෙ නෑ, මම එයාට වඩා ශක්තිමත්. ඒ dumb ඇල්ෆා මට පාවිච්චි කරන්න තියෙන නිකම්ම ශරීරයක් විතරයි" ඩීමන් කිව්වා. මේ යක්ෂයත් ජන්කුක් වගේ වුන එකට ටේහ්‍යුන් කැමති වුනේ නැහැ. කොහොම වුනත් මේ ජන්කුක් නෙවෙයි.
"ළඟට එන්න එපා !" ඩීමන් හදිසියේම තමන් දිහාට වේගයෙන් ඇවිදගෙන එද්දි පිටුපසට ගිහින් පිට බිත්තියේ වදිද්දි ඔමෙගා කෑගැහුවා.
"සෙල්ලම මෙතනින් ඉවරයි ඔමෙගා, මම ඔයාගෙ ආත්මය අරගෙන මගේ බලය සම්පූර්ණ කරගන්නවා ! " ඩීමන්ගෙ දත් විශාල වුනා. කුරිරු විදියට හිනාවුන ඔහු ඉදිරියට පැන්නා. වාසනාවකට, ටේහ්‍යුන්ග් ඒ වෙලාවෙ ඊට වඩා වේගවත් වුනා.
ටේහ්‍යුන් හැකි ඉක්මනින් ඩීමන්ව මඟ හැරලා කාමරයෙන් පිටතට දිව්වා. ටේහ්‍යුන්ට ඇහුනා ජන්කුක්ගෙ ඩීමන්ගෙ භයානක ගෙරවිල්ල. ටේහ්‍යුන් දිව්වෙ දොර වසාගෙන වුනත් ඩීමන් ඒ දොර කඩලා දාමින් ටේහ්‍යුන් පස්සෙන් දිව්වා.
"උදවු කරන්න !"
තමන් ළඟින්ම ඇහෙන ඩීමන්ගෙ බර අඩි ශබ්දය ඇහෙද්දි ටේහ්‍යුන් කෑගැහුවා. ඒත් එකපාරම කකුල පෙරළුණු ටේහ්‍යුන් බිම වැටුනෙ thud හඬකින්. දෑස් වල කදුළු පිරෙද්දි ටේහ්‍යුන් එහෙමම බිම දිගේම ඉස්සරහට ඇදෙන්න උත්සාහ කළා.
ඒත් ටේහ්‍යුන් පස්සෙන් ආව ඩීමන් ටේහ්‍යුන්ගෙ කකුලෙ වළලුකරින් අල්ලගෙන ටේහ්‍යුන්ව කොරිඩෝ එක දිගේ ආපහු ඇදගෙන යන්න ගත්තා.
"ආහ්හ් !!"
"ඔයාට මගෙන් පැනල යන්න බෑ මගෙ පුංචි ඔමෙගා! " spat කරපු ඩීමන් ඔමෙගාගේ බෙල්ලෙන් අල්ලලා ඔහුව පිටුපසට බිම පෙරළලා දැම්මා. ටේහ්‍යුන් කකුල් වලිනුත් අත් වලිනුත් ඩීමන්ට පහර දෙන්න උත්සාහ කළා.
YOU ARE READING
𝖯𝗎𝗋𝗉𝗅𝖾 𝖬𝗈𝗈𝗇 | 𝖳𝖺𝖾𝗄𝗈𝗈𝗄 𝖮𝗆𝖾𝗀𝖺𝗏𝖾𝗋𝗌𝖾 [සිංහල පරිවර්තනය]
Werewolf' ඔමෙගාවන්ට වෛර කරන නපුරු ටෲ බ්ලඩ් ඇල්ෆා කෙනෙක්. දවසක් ඒ ඇල්ෆා, එක් බීටාවෙක්ව බේරගෙන ඔහුගෙ පැක් හවුස් එකට එක්කගෙන යනවා. නමුත් ඔහු ඇත්තටම බීටාවෙක් ද ? බීටා, ඔහුට හැකි උපරිමයෙන් ඇල්ෆාගෙන් සැඟවීමට උත්සාහ කරමින් සිටී.. ' I am only the translator of t...