දින දෙකකට පසු.....
.
.
"මෙහෙන් යන්න!" ඇල්ෆා කියද්දි ටේහ්‍යුන්ගෙ දෑස් විසල් වුනා.
"මො-මොකක්?"
"තමුන් දැන් මෙහෙන් යන්න ඕන!" ජන්කුක් ටේහ්‍යුන්ගේ අතින් අල්ලගෙන ඔහුව අරගෙන ගියේ පැක් හවුස් එකේ ඉදිරි දොර වෙතට.
"න්-නෑ..ප්ලීස්..මට..මට ඉන්න දෙන්න...තව දවස් කීපයක් විතරයි..." ටේහ්‍යුන් ඇල්ෆාට කිව්වා. ටේහ්‍යුන්ගෙ හීට් එක තවමත් ඉවර වෙලා තිබුණෙත් නෑ. ටේහ්‍යුන්ට අනතුරක් වෙන්න පුළුවන්.
"තමුන් බොරු කිව්වා ! මාව.. අපි හැමෝවම රැවැට්ටුවා. ඒ නිසා මම තමුන්ව මෙහෙට පිළිගන්නේ නෑ ! " ජන්කුක් කෑගැහුවා. ඔහුගෙ දෑස් දීප්තිමත් දම් පැහැයක් ගත්තා වගේම ජන්කුක් කෑගැහුවෙ ඔහුගෙ ඇල්ෆා වොයිස් එකෙන්.
"යනවා යන්න !"
"අ-ඇල්ෆා...ප්ලීස්--"
"ඔමෙගා ! මෙහෙන් යන්න ! ඈතකට යනවා !" ජන්කුක් දිගින් දිගටම කෑගැහුවා. පුංචි ඔමෙගා ඔහුගෙ දෙකන් වසාගෙන පිටුපසට ගියා.
"NOW! " ජන්කුක්ගේ දත් පෙරට වඩා විශාල වුනා. ඔහුගෙ දෑස් වෙනස් වෙන්නට ගත්තා. ටේහ්‍යුන්ට පුළුවන් වුනේ නෑ තමන්ගෙ ඇල්ෆාට පිටින් යන්න. ඒ නිසා තමන්ගෙ සුදු පැහැති වෘක ස්වරූපයට හැරුණු ටේහ්‍යුන් වරක් ආපසු හැරී බලා එතනින් දිව ගියා.
"ටේ!" ජිමින් ඒ දෙසට දුවගෙන එන ගමන් කෑගැසුවා. ජිමින්ට ඇහුනා, ජන්කුක් හයියෙන් කතා කරනවා. නමුත් ජිමින් පරක්කු වැඩියි. ටේහ්‍යුන් ඒ වන විටත් වනාන්තරය තුළට ගොස් අතුරුදහන් වී සිටියා. ජිමින් ඊළඟට හැරුණෙ ජන්කුක් දිහාට.
"ඔයාට පිස්සු ද ආ..!?" තමන්ගෙ පැක් ඇල්ෆාට කෑ ගැසීමට මේ විශ්වාසය තමන්ට ආවෙ කොහෙන්දැයි ජිමින් නොදැන සිටියත්, ඔහු දැන් හිටියෙ ඇත්තටම තරහින්. ජන්කුක්ගේ දෑස් වල දීප්තිය නතර වී යද්දී ඔහු නැවතත් සාමාන්‍ය සහ සන්සුන් බවට පත්වෙමින් සිටියා. ඔහු ජිමින් වෙතට හැරුණෙ තමන්ගෙ හඬා වැළපෙන වෘකයාව බ්ලොක් කරමින්.
"ඇයි එයා ගැන වද වෙන්නෙ...."
"ටේහ්‍යුන් කියන්නෙ මගෙ යාළුවෙක්. එයා ඔයා වගේ ඇල්ෆා කෙනෙක්වත්, බීටා කෙනෙක්වත් නෙවෙයි. අනිත් එක එය ඉන්නෙ තාමත් හීට් එකේ. ඒ කියන්නෙ අනතුරක.! කොහොමද ඔයා එයාට මෙහෙම කළේ!?"
YOU ARE READING
𝖯𝗎𝗋𝗉𝗅𝖾 𝖬𝗈𝗈𝗇 | 𝖳𝖺𝖾𝗄𝗈𝗈𝗄 𝖮𝗆𝖾𝗀𝖺𝗏𝖾𝗋𝗌𝖾 [සිංහල පරිවර්තනය]
Werewolf' ඔමෙගාවන්ට වෛර කරන නපුරු ටෲ බ්ලඩ් ඇල්ෆා කෙනෙක්. දවසක් ඒ ඇල්ෆා, එක් බීටාවෙක්ව බේරගෙන ඔහුගෙ පැක් හවුස් එකට එක්කගෙන යනවා. නමුත් ඔහු ඇත්තටම බීටාවෙක් ද ? බීටා, ඔහුට හැකි උපරිමයෙන් ඇල්ෆාගෙන් සැඟවීමට උත්සාහ කරමින් සිටී.. ' I am only the translator of t...