මං එහාට ගිහින් චුට්ටක් ඉදියේ කෙල්ල කොහොමද කියලා බලාගන්න. ඒත් දොර අරිද්දිම මං දැක්කෙ කෙල්ලගෙ මූණ ඒ.. එයා...
මගෙ අම්මෝ පණ පිටින් ඇවිදින ඩමියක් වගේ.. 😱 මූණ නම් එම්බාම් කරලා වගේ බය වෙච්ච පාරට තව ටිකෙන් මාව පඩි පෙළ පල්ලෙ වැටිලා කොන්ද කැඩෙනවා.. ටිකක් වෙලා ඉඳලා මං හෙමීට කාමරේට ගියේ මේ කෙල්ල pizza එක අරන් කාමරේට යන්නේ නැතුව බල බල ඉන්න නිසා මං ඉක්මනට කාමරේට ගියා....මං එදා හිතුවා හරි.. කෙල්ල කැතයි.. ඒක තමයි ආබුජි මූණ වහලා මට බන්දලා දුන්නේ.. අනේ ඇයි දෙයියනේ මං වගෙ හැන්ඩ්සම් කොල්ලෙක්ට ම මෙහෙම වෙන්නෙ.. මං හිතන ගමන් ඇදේ ඇල වුණා.. මං phone එක අරන් ජුනාට කෝල් එකක් ගත්තේ මේ ඩමියක් බලන්න ගෙදර එව්වේ ඒකා නිසා...
රින්ග්ස් යනව... මුට answer කරන්න බැරි ද..😐 මං හිතින් බැන බැන ඉද්දි ජුනා කෝල් එක answer කරා...
ඔව් කියන්න...
ඔව් කියන්න.. මොකො ද යකෝ මෙච්චර වෙලා යන්නේ කතා කරන්න...
කෝල් එක අරන් තප්පර දහයයි ගියේ...බෙරිහන් දෙන්නෙ මොකො... ජුනා කිව්වා.. ශැක්...මුගෙ මොලෙ මට නැති හැටි..
හරි හරි... මේ මොකට ද ජුනා මං මේ පැටලිලා ඉන්නේ...
ඒ ගමන මොකද කරේ..
මං නෙවෙයි...
එහෙනම්...
මං අද ඒ කෙල්ල ව දැක්කා..
ඉතිං.. හොදයි ද..
මොන හොද ද.. එහෙන් පිටින් ම ඩමියක්.. මූණ එම්බාම් කරලා වගේ..බෙල්ලට වැඩිය මූණ සුදු යි ඇහැයි කටයි වෙන ම පාටක්... අනේ මං දා යකෝ.. හීනෙන් මොන මගුලක් දකී ද දන්නෙත් නෑ...😫
YOU ARE READING
Playful Encounter (Completed)
Fanfictionඅද...ඔව්.. අද මං එයාට ඇත්තම කියනවා...ඔව්. ආයේ බොරු කියන්නෑ.. යා ... මාව අතඅරිනවා... එයා ඇයි ආවෙ නැත්තේ...ආහ්... ජින්ශී හොද උනාට ජින් නරකයි.. අපි divorce වෙමු..