Macao city එකේ පැයක් විතර දුවලා පොලිසිය මගෑරුණා කියලා තේරෙද්දි අපි දෙන්නා එක්ක පාලම ළඟ නතර වෙලා හති අරින්න ගත්තා.. දෙන්න ම දෙන්න දිහා බලලා හිනා වෙද්දි මං..
හැබැයි ඒකත් මරු වැඩේ කියද්දී කෙල්ල
ඒකනේ මං කිව්වේ..මං ආසම වැඩේ තමයි ඒ කියන ගමන් හිනා උනා.
එතකොට එදත්.. මං අහන්න යද්දිම කෙල්ල
ඔව් ඔව්... මං කිව්වනේ මං ආසම ඒකට කියද්දී මං
පිස්සී අහුවුනොත් එහෙම ඉවරයි.. මෝඩි.
අපි එහෙම අහුවෙන්නෑ 😌කියන ගමන් කට කොනින් හිනාවක් දැම්මා.
දැන් මොකද කරන්නෙ.. ඔයා කොහෙ හරි යනවද නැත්තම් අපි දෙන්න ඇවිදින්න යමුද..ම්ම් තාම මගෙ ශර්ට් එකට ගෙව්වෙත් නෑ නෙහ්.😉 මං කියද්දී කෙල්ල
යා ඇයි ඊයේ කිව්වෙ අයිස් ක්‍රිම් එක දුන්නම ඇති කියලා.. 😑
නැ නෑ මං ඇති කියලා කිව්වෙ නැ 😁 මං හිනාවක් දාලා කිව්වේ මට එයා එක්ක තව ටිකක් වෙලා ඉන්න ඕනි නිසා. මං දන්නෑ ඒ ඇයි කියලා මට ගොඩාක් වෙලා එයාත් එක්ක ඉන්න ඕනි. මං කෙල්ලගේ දගකාර විදිහට හිනා වෙන ඇස් දිහා බලගෙන හිතද්දී
නම්ජුන්ශී මං කිව්වනේ මං එච්චර ලස්සන නෑ කියලා... කියන ගමන් කෙල්ල මගෙ අතට ගහලා දුවන ගමන්... නම්ජුන්ශී අයිස් ක්‍රීම් ඕනි නැද්ද ඕනි නම් දුවලා එන්න.. කියලා හිනා වෙන්න ගත්තා..
...................................................................................
@ nightහොටෙල් එකට ආව ගමන් මං වොශ් එකක් දාගත්තෙ Aera යි මායි දවසම කරපුවා ගැන හිතන ගමන්..... පලවෙනි වතාවට මං ගැනූ ළමයෙක් එක්ක දවසක් ගත කරා.. හිතුවට වඩා හොදයි.. එයා කිව්ව විදිහට එයා චිත්‍ර ශිල්පිනියක්... එයා පෙන්නපු චිත්‍රෙ හැබැයි.... ඒක මට දැකල පුරුදුයි.. ඒක හරියට Jk ගෙ වගේමයි... අනේ මං දා එක වගෙ චිත්‍ර අදින අය ඉන්න පූළුවන් නේ ඉතිං ඕනි තරම්... ඒත් ඒ කටකාරකම... දගකාරකම ... මං හිතුවේ නෑ අපෙ තුන් දෙනා ඒ වගෙ හොර වැඩ කරාට එහෙම කරන කෙල්ලොත් ඇති කියලා... මට ඉබේම හිනා ගියේ උදේ දුවපු හැටි මතක් වෙලා...
YOU ARE READING
Playful Encounter (Completed)
Fanfictionඅද...ඔව්.. අද මං එයාට ඇත්තම කියනවා...ඔව්. ආයේ බොරු කියන්නෑ.. යා ... මාව අතඅරිනවා... එයා ඇයි ආවෙ නැත්තේ...ආහ්... ජින්ශී හොද උනාට ජින් නරකයි.. අපි divorce වෙමු..