Mile - 71

498 162 36
                                    

Joon's POV

කැබින් එකේ වාඩි වෙලා මම ජුවොන් එවපු මැසේජ් එකේ ඉල්ලලා තියන දේවල් දිහා බලාගෙන කල්පනා කරේ මම ඇත්තටම ඇයි ඒ වගේ ලොකු වැරැද්දක් කරේ කියලා තේරුම් ගන්න බැරි උන නිසා. අප්පා ඉස්සරහා ජුවොන්ව යාලුවෙක් කියලා හදුන්වලා දුන්න එකේ ප්‍රතිපල විදිහට ජුවොන් මගෙන් එක එක දේවල් ඩිමාන්ඩ් කරද්දි මට පුලුවන් උනේ ඒ හැමදේටම එකග වෙන්න විතරයි.




- මට බ්ලැක්පර්ල් නෙක්ලස්
එකක් දාන්න ආසයි.

- ඕනේ නම් ගිහින් ශොප් එකකින් අරගන්නවා ජුවොන්.


- මට ඕනේ ඔයාගේ අතින් එකක්.
 

- මම තමුන්ට මේ වගේ දේවල්
වලට වියදම් කරන්නේ නෑ.


- ඔයා මගේ බඩේ ඉන්න
ලමයගේ පපා..ඇයි ඔයා
තේරුම් ගන්නේ නැත්තේ
ප්‍රෙග්නන්ට් කාලෙට මේ වගේ
ආසාවන් එනවා කියලා.

- නම්ජූන්?
  

- ඇයි දැන් ඔයා රිප්ලයි කරන්නේ නැත්තේ?

- කිම් නම්ජූන්!!!




ජුවොන් නොනවත්වා එවන මැසේඩ් දිහා ආයෙමත් බලලා මම ෆෝන් එක මේසෙ උඩට දාලා පුටුවේ පිටිපස්සටම හේත්තු වෙලා ඇස් වහ ගත්තා. කලින් ලමයෙක්ගේ පපා කෙනෙක් වෙලා හිටියත් ඒ කාලේ සොක්ජින් හැමවෙලේම ඉල්ලුවේ කෑම වර්ග විතරක් වෙනකොට ජුවොන් ඉල්ලුවේ වෙන වෙන දේවල් උනා.

දෙවනි පාරටත් ලමයෙක්ගේ පපා වෙන්න ලොකු ආසාවක් තිබ්බත් මට ඒක මේ විදිහට සිද්ද වෙන්න ඕනේ උනේ නෑ. සූ එන්න ඉන්න කාලේ වගේ රෑ ඉල්ලන දේවල් ගෙනල්ලා දෙන්න, ජින් ව බාත් රූම් අරන් ගිහින් නාවන්න, එයා  එක්ක බබාට ලස්සන දේවල් තෝරන්න, මාසෙන් මාසෙට ෆොටෝ ශූට්ස් කරලා ඒ ෆොටෝ ඔක්කොගෙන්ම බබාගේ රූම් එක ලස්සන කරන්න.... ඒ දේවල්  හීනයක්ම උනේ මගේ දෙවනි ලමයා නීත්‍යානුකූල නොවන ලමයෙක් විදිහට ඉපදෙන හන්දා.

ජුවොන් ඉල්ලපු දේවල් එයාට දෙන්න කියලා නරුටෝට කෝල් එකක් දාල කියලා මම ආයේ මේසෙට ඔලුව තියා ගත්තේ  කම්පනි ස්ටාෆ් එක ඉස්සරහ සිංහයෙක් වගේ හිටපු මම අන්තිමට බැටලුවෙක් වගේ එයාලා ඉස්සරහා ලැජ්ජා වෙනවා නේද කියලා කල්පනා කරන ගමන්. ඒ මොනවා උනත් තාම මේ ගැන කිසිම වචනයක් එලියට යවාගන්නේ නැතුව තියාගන්න පුලුවන් එක මගේ හිතට තිබ්බ එකම සහනය වෙනකොට ජින්ට දැන් එයාගේ ලමයා හම්බෙලාත් ඇති කියලා මගේ හිත කිව්වා.

Thousand Miles  |  Nam × Jin  | Completed Where stories live. Discover now