Chapter 31

632 176 29
                                    

Jin's POV

මම වෙනුවෙන්, ජූන් වෙනුවෙන්, සූ වෙනුවෙන්, මගේ බඩේ ඉන්න අපේ දරුවා වෙනුවෙන්, කෙන් වෙනුවෙන්, එයා වෙනුවෙන්... අපි හැමෝම වෙනුවෙන් ගන්න පුලුවන් හොදම තීරණය අරගෙන මම කේ.එන්.ජේ ටවර්ස් වලින් එලියට බැස්සා.

ඒත් මග දිගට එන ගමන් මගේ හිත ආයේ ආයේ මගෙන් ඇහුවේ මම මේ කරන්න යන දේ හරිද කියලා. මගේ දරුවා අප්පා නැති ළමයෙක් කරනවට වඩා එයාලගෙන් ඈත් වෙලා ඉන්න එක හොදයි කියලා හිතාගෙන මම මගදි හම්බෙන ඒ.ටී.එම් මැශින් එකකින් වොන් ලක්ෂ දෙකක් විත්ඩ්‍රෝ කරගතතා. ලක්ශ දෙකක් කියන දේ මේ වෙලාවේ හොදටම මදි උනත් මට කෙන්ගේ සල්ලි ඒ විදිහට නාස්ති කරන්න හිත දුන්නේ නෑ.

සල්ලි ටිකත් අතට අරගෙන මම කෙන්ගේ ගෙදර ඇවිල්ලා  එයා ඉන්නවද කියලා එයාගේ රූම් එකේ බැලුවත් කෙන් නෑ කියලා දැනගත්තම ඉක්මනට එයාගේ රුම් එකෙන්ම බැගේජ් එකක් අරගෙන ඇවිල්ලා එයා මට අදින්න කියලා දුන්න ඇදුම් ටික ඒකට දාගත්තා. කෙන් එන්න කලින් ගෙදරින් යන්න ඕනෙ හන්දා මම පුලුවන් තරම් ඉක්මනට බැගේජ් එක පැක් කරගෙන පහලට ආවේ එයා ආවොත් මට මේ ගමන යන්න වෙන්නේ නෑ කියලා දන්න හන්දා. ඒත් පඩිපෙල ලගම බිත්තියේ එල්ලලා තියන අපි දෙන්නගේ කොලේජ් ෆොටෝ එක දැක්කාම මාව එක තැන නතර උනේ මේ වෙලාවේ මම මේ දේ කරන එක හරිද කියලා ආයේ ප්‍රශ්න කරන ගමන්. ඒත් මගේ හිතේ සූ ගැන , මගේ බඩේ ඉන්න දරුවා ගැන තියන ප්‍රශ්න ගොඩ වැඩි නිසා මම හිත හදාගෙන ඒ ෆොටෝ එකත් අරගෙන කොෆී ටේබ්ල් එක ලගට ආවා.

කෙන් මට නෝට්ස් ලියලා යන පොතත් අරගෙන මම බිමින් වාඩි උනේ මොනවා ලියනවද කියලා හරියටම හිතාගන්න බැරුව. ඒත් මට ඒකේ ලියාගන්න කියලා දෙයක් කොච්චර හිතුවත් මගේ ඔලුවට කිසිම අදහසක් එන්නේ නැති වෙනකොට මම බිත්තියෙන් ගලවගත්ත  කෙන්ගේයි මගෙයි ෆොටො එක දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියා. කෙන්...

කෙන්,

මට සමාවෙන්න ඔයා එනකන් ඉන්නේ නැතුව යනවට. මට එච්චර වෙලා ඉන්න පුලුවන්කමක් නෑ මේ වෙලාවේ. ගොඩක් ස්තූතියි මාව මේ දවස් ටිකේ බලාගත්තට. ඔයා දන්නවා ජූන්ට පස්සේ ඔයා තමයි මට ඉන්න එකම පවුල. මේ වෙලාවේ මාව අතරමන් කරන්නේ නැතුව මාත් එක්කම හිටියට ගොඩක්ම ගොඩක් ස්තූතියි කෙන්.

Thousand Miles  |  Nam × Jin  | Completed Tahanan ng mga kuwento. Tumuklas ngayon