Chapter 01

286 60 10
                                    

1847 ජර්මනිය .

බොරලු පිරුනු පාර දිගේ අඟුරු දැලි වලින් හැමතැනම අපවිත්‍ර වෙලා තිබුනු දනහිස ගාවට තරම් දිග ගවුමක් ඇදගෙන පොඩි කෙල්ලෙක් පාර දිගේ වේගෙන් දුවගෙන ගියේ ලොකු හදිස්සියකින්.
කෙල්ලගේ ඇස් වලි හෙමීට කදුලු බිංදු වැටෙද්දී කෙල්ල පුංචි අත් වලින් ඇස් වල පිරුනු කදුලු පිහිදාගත්තේ හෙමීට.

" ආහ්......... "

පොඩි කෙල්ල දුවපු වේගෙටම ගිහින් අශ්ව කරත්තෙක ආව කෙනෙක් ගේ ඇගේ වැදුනේ කෙල්ලගේ හදිස්සියත් එක්කම .

" ඒයි කෙල්ලේ පාරෙ යන්න දන්නැද්ද ? "

අශ්ව කරත්තේ රියදුරා ඇවිත් පොඩි ගෑනු ළමයා ගාවින් හිටගෙන එයාව නැගිට්ටවන්නෙත් නැතුව එතනම වැටිලා හිටපු පොඩි කොල්ලා ලගට ගිහින් නැගිට්ටෙව්වේ හරිම ආදරෙන්.

ඒ පොඩි කොල්ලව නැගිට්ටවලා වැටිලා ඉන්න පොඩි කෙල්ල දිහාවත් නොබලා ඒ පොඩි කොල්ලත් එක්ක ආයෙත් කරත්තේ ගාවට ගියේ අර කෙල්ලව දැක්කේ නෑ වගේ.

රියදුරා ට යන්න වුවමනාවක් තිබ්බත් පොඩි කොල්ලටනම් එතනින් යන්න වුවමනාවක් තිබ්බේ නැහැ. ඒ කොල්ලාගේ ඇස් දෙක තිබ්බේ ඒ පොඩි ගෑනු ලමයගේ දිහාවට.
රියදුරා අල්ලන් ඉන්න අතින් ගසලා දාලා පොඩි කොල්ලා දුවලා ගියේ ඒ කෙල්ල ඉන්න තැනට .ගිහින් එයාගෙ අත හෙමීට කෙල්ල ගාවට දික් කරේ කෙල්ලව නැගිට්ටවන්න තියෙන බලාපොරොත්තුවෙන් .

දිගටි ඇස් එක්ක සුදු පාට හම තියෙන පුංචි කෙල්ල දිහා ඒ කොල්ලා බලාගෙන හිටියා. පොඩි කොන්ඩ කෑලි දෙකක් දෙපැත්තෙන් ගොතලා තිබ්බම ඒකෙන් හරිම අමුතු ලස්සනක් කෙලල්ලට ගෙනත් දීලා තිබුනා

පුංචි කෙල්ලත් කොල්ලගෙ අතේ එල්ලිලා නැගිටිද්දී රියදුරා ඇවිත් කොල්ලව එක්කරෙගෙන ගිහින් අශ්ව කරත්තේ ඇතුලට දෑවෙ සමාජ මට්ටම පෙන්නන්න වගේ.

ඈතින් ඈතට යන අශ්ව කරත්තේ දිහාත් බලාගෙන පොඩි මොහොතකට කලින් හම්බවුනු අමුත්තවත් ගැන මතක් කරන ගමන් කෙල්ල ආයෙත් දුවන්න පටන් ගත්තේ ආයෙත් ඇස් වලින් කදුලු බිංදු බේරෙද්දී.

පුංචි කෙල්ල නැවතුනේ පොඩි ගෙයක් ඉස්සරහ . ඇතුලෙන් ඇහෙන අදෝනාව කෙල්ලගේ ඇස් වලින් කදුලු තවත් වැඩි කරත් හෙමීට ගේ ඇතුලට පියමනින්න කෙල්ලට හයියක් තිබුනා .

The Lost || KSJ  [Completed ] Where stories live. Discover now