Chapter 10

145 46 28
                                    

අවුරුදු 40 කට පසු......

වයසක පිරිමි කෙනෙක් තමන්ගේ පියානෝව දිහා බලාගෙන හිටියේ හරිම ආදරනීය විදියට.
හෙමීට ඇගිලි තුඩුවලින් පියානෝව ගෙන ගියේ වේදනා පිරුනු මතක ගොඩක් එක්ක.

වයසක රැලි ගැහුනු මූනෙන් ඇස් පිය තද කරගෙන හිටියේ වැටෙන්න තිබුනු කදුලු වට්ටන්න බැරි කමට .

පියානෝවත් එක්කම වලළලා දාපු කොල කෑල්ලකුත් අතට ගත්තේ ඒ අතීතේ මතක් කරන්න අමාරු වුනත් ඒ අතීතෙ එක්කම ජීවත් වුනු නිසා.

වයසට ගිය ඉක්මනටම ඇස් දෙක දුර්වල වෙලා ගිය නිසා කන්නාඩි කූට්ටම ඇස් දෙකට දාගත්තේ අතේ තිබුනු කොලේ කියවන්න.

ආදරනීය එලීසා ,

දන්නවද ? ආදරය තනිකරම අතරමං වීමක් කියලා .
අපි දෙන්නම අතරමං වුනේ ඒ ආදරේ ඇතුලේ එලීසා .
මට මග ඇරුනා හැම දෙයක්ම .
ජීවිතේ ,  ආදරේ  ඒ හැම දෙයක්ම.
ඒ වගේම මම ආත්මාඅර්තකාමී වුනා එලීසා
මම බය වුනා ඔයා ජෝර්ජ් ගේ වෙයි කියලා
මම ඒ දේට වෛර කරා.
දන්නවද ?  ජෝර්ජ් ඔයාට ආදරේ කරපු බව . මටත් කලින් එයයි ඔයාට ආදරේ කරේ . එයයි ඔයාව බලාගත්තේ . එයයි ඔයාට හැම මොහොතකම උපදෙස් දුන්නේ. මම කරේ හැමතිස්සෙම ජෝර්ජ් ව ඔයාගෙන් වෙන් කරන්න හදපු එක විතරයි .  ඔයා හැමතිස්සෙම ජෝර්ජ් එක්ක එකට ඉදිද්දී , ඔයා ජෝර්ජ් එක්ක සෙල්ලම් කරද්දී , ජෝර්ජ් දිහා බලන් ඉදිද්දී ඒ හැම මොහොතකම මම ඉරිසියා කරා.
මම ඔයාගෙන් උත්තරයක් බලාපොරොත්තු වුනු වෙලාවෙ ඔයා ජෝර්ජ් හම්බෙනවත් මම බලන් හිටියා එලීසා. සමහර විට එතනදි ජෝර්ජ් ඔයාට ගොඩක් ආදරෙයි කියලා කියන්න තිබුනා. ඔයත් එක්ක හැමදාම එකට ඉන්නවා කියලා පොරොන්දු දෙන්න තිබුනා ඒත් ඒ ජෝර්ජ් කියපු හැම වචනෙකට වැරදි කාරයා මමයි. මමයි එහෙම කියන්න කියලා බලකරේ . මමයි ජෝර්ජ් ගේ හිතේ ඔයාගැන තිබුනු හැගීම් ඈත්කරලා දෑවෙ. එදා මම ඒ දේ කරේ නැත්නම් එලීසා ,
ඔයාට මේ ආදරේ ඇතුලේ අතරමං වෙන්න ඉඩක් හම්බ වෙන්නැහැ.
අපි ප්‍රංශය ට යන්න හදපු දවස  . ඔයා ජෝර්ජ් හම්බෙන දිහාත් මම බලන් හිටියා. ජෝර්ජ් ඔයාව සිපගත්තු විදිය ඔයා දිහා බලන් ඉදපු හැම ඉරියව්වක්ම දිහා මම බලාගෙන හිටියා .
මාව නවත්තගන්න කියලා හිත කියද්දී මම කරේ මටම අවතනට නොවුනු එක විතරයි .
ඔයා දැක්කේ නැති වුනාට
ඔයාට මම නොකිව්වට
ජෝර්ජ් එතනදි හොදටම ඇඩුවා එලීසා.
ජෝර්ජ් ගෙන් පිටවුනු හැම කදුලකටම වගකියන්න ඕනෙ මමයි එලීසා.

The Lost || KSJ  [Completed ] Where stories live. Discover now