Chapter 08

99 44 9
                                    

1849ජර්මනිය

" ජෝර්ජ් , මම ජින් එක්ක ප්‍රංශයට යන්න තීරණය කරා. අපි හෙට වෙද්දී යන්න ඉන්නේ ජෝර්ජ් . "

අතේ පොතකුත් ගුලි කරගෙන ඉන්න ජෝර්ජ් ගාවට ඇවිත් එලීසා කිව්වේ කෙල්ලගේ ඇස් ආයෙමත් බිමට හරවගෙන.

" හ්ම් , මම දන්නවා එලීසා. "

ජෝර්ජ් එලීසා දිහා නොබලා අතේ තිබ්බ පොතේ කොනක් පොඩි කරන ගමන් කිව්වා .

" ඉතින් ඔයාට කියන්න දෙයක් නැද්ද ජෝර්ජ්  ? "

එලීසා මොනයම් උත්තරයක් බලාපොරොත්තුවෙන් ජෝර්ජ් ගෙන් ඇහුවත් ජෝර්ජ් ගේ ඒ ඉරියව්ව ඒ විදියටම තිබුනා.

" මම මොනවා කියන්න ද  එලීසා ? ඔයාගේ තීරනේ ඒ . "

ජෝර්ජ් එලීසා දිහා බලන්නෙම නැතුව ඒ විදියට කියද්දී එලීසගේ ඇස් වලින් හෙමීට කදුලු බිංදු බිංදු වැටෙන්න ගත්තේ එලීසටවත් නොදැන.

" ඔයාට මාව නැතුව ඉන්න පුලුවන් ද ජෝර්ජ් ? "

එලීසා ඉකි ගහන ගමන් ඇහුවත් ජෝර්ජ් එක සැරයක්වත් එලීසගේ මූන දිහා බැලුවෙ නැහැ.

" මම කොහොමත් හිටියේ තනියම එලීසා. ඔයාව මුනගැහෙන්නත් කලින් මම හිටියේ තනියම එලීසා. මගේ තනියට මට කවුරුවත් ඕන නැහැ. එලීසා. "

ජෝර්ජ් එහෙම කියද්දී එලීසගේ ඇස් වලින් ගලන කදුලු නැවතුනේ නැහැ. ඒක කිව්වම ඊටත්වඩා එලීසගේ ඇස් වලින් කදුලු එන්න පටන් ගත්තා.

" එතකොට ජෝර්ජ් ,.........ඔයා. "

" එලීසා මතක තියාගන්න. ඔයා දැන් තීරණයක් අරන් ඉවරයි . ඒක වෙනස් කරොත් ඔයා තව කෙනෙක් ට දුකක් දේවි. ඔයාගේ තීරන හොදට හිතලා බලලා ගන්න එලීසා. එයා ඒ තීරනේ අරන් ඉවරයි .
තව දෙයක් එලීසා ,
ඔයා හිතන හැමදේම ලස්සන නැහැ.
හැගීම් පවා ලස්සන නැහැ .
අපිට පුලුවන් හදපු දෙයක් කඩන්න
ඒවගේම අපිට පුලුවන් කඩපු දෙයක් ආයෙත් හදන්න
ඒත් ඒ දෙකටම වඩා අමාරුයි කඩපු දේ හදන්න දරන උත්සාහය.
පිටතට පේන හැම දෙයක්ම ලස්සන නැහැ එලීසා .

අපි හැමෝම ජීවත් වෙන්නේ පිටතට පෙන්නන්න ඕන හීන ලෝකෙක.
ඒ ජීවිතේ ඔයා පෙන්නන පිටතවත් ඔයා පෙන්නන ඇතුලවත් ගැබ් වෙලා නැහැ .
මොකද අපි පෙන්නන්නෙම එක දෘශ්ටි මායාවක් විතරයි හැමෝටම. "

The Lost || KSJ  [Completed ] Where stories live. Discover now