Chapter 06

96 41 10
                                    

" කියන්න එලීසා "

වෙනදා වගේම ජෝර්ජ් එලීසා එක්ක කතා කරන්න ගත්තා.

" පොඩ්ඩක් කතා කරන්න පුලුවන් ද ජෝර්ජ් . අර ගහ යටට ගිහින් වගේ. "

එලීසා තාමත් බිම බලාගෙන ජෝර්ජ් එක්ක කතා කරා . ජෝර්ජ් හෙමින් හෙමින් එලීසා කිව්ව ගහ යටට ගියේ මොකුත්ම කියන්නේ නැතුව .
එලීසත් ජෝර්ජ් ගේ පිටිපස්සෙන් ඇවිදගෙන ගියේ කිසි කලබලයක් නැතුව.

" මොකද ? "

එලීසා ජෝර්ජ් ගාවට ආවම ජෝර්ජ් ඇහුවේ එලීසා දිහා බලාගෙන. එලීසා තාමත් ජෝර්ජ් දිහා නොබලා ඇගිලි තුඩු වලින් එතනම බිම හාරන්න ගත්තා

" වලක් හාරන්නද හදන්නේ . කියන්න ඕන දේ ඉක්මනටම කියන්න. "

එලීසගේ වැඩේ ජෝර්ජ් ට තරමක් කාලය කාදමන වැඩක් වුනු නිසා ජෝර්ජ් තරමක් සැරෙන් කිව්වේ එලීසා ගැස්සිලා කකුලෙන් බිම හාරන එක නවත්තන ගමන්ම.

" ජෝර්ජ් මේකයි . "

එලීසා ගොත ගගහා ජෝර්ජ් ට කියන්න හැදුවත් ජෝර්ජ් හෙමින් සීරුවේ එලීසා කියන දේ අහගෙන හිටියා.

" ජෝර්ජ් ජින් මට කැමතියි ලු , එයා මගෙන් අහනවා කැමත්තක්. මම මොකක්ද කියන්නේ ජෝර්ජ් . "

එලීසා ඉක්මනටම ඉක්මනටම කියාගෙන ගියේ තමන් කලබලෙන් ඉන්නවා කියලා ජෝර්ජ් ට නොපෙන්නන්න. ඒත් ජෝර්ජ් හොදටම දන්නවා එලීසා ඉන්නේ ගොඩක් ම කලබලෙන් කියලා.

" මම මොකක්ද කරන්නේ ජෝර්ජ් ?"

ටික වෙලාවක් ඉදලා එලීසා එහෙම කියලා ජෝර්ජ් ගෙන් උත්තරයක් බලාපොරොත්තු වුනේ ජෝර්ජ් ගෙන් කිසිම කතාවක් පිටවුනේ නැති නිසා.

එලීසා පොඩිම පොඩි මොහොතකට ඔලුව උස්සලා ජෝර්ජ් දිහා බැලුවේ ජෝර්ජ් මොකක්ද කරන්නේ කියලා බලාපොරොත්තුවෙන් .

ජෝර්ජ් ගහ දිහා බලාගෙන එහෙම්ම.ඒ විදියටම හිටියා.
මුහුණේ කිසිම හැගීමක්.ගැබ්වෙලා නැහැ.
එලීසා දැක්කේ හරි අපූරු ගාම්භීර පෙනුමක් ජෝර්ජ්ගෙන් .
සුදු පාට හම තැනින් තැන තියෙන උපන් ලප ඒ වගේම ගාම්භීර විදියට හැඩගැසුනු ඇහි බැම ඕනම කෙල්ලෙක්ගේ හිත සසල කරන්න තරම් පුලුවන් පෙනුමක් ජෝර්ජ් ගේ තිබුනා.

The Lost || KSJ  [Completed ] Where stories live. Discover now