Chapter 04

100 43 4
                                    

" ජෝර්ජ් ගියා වගේම ආපහු එයි එලීසා."

රෑ නින්දට යනකොට කිසිම කතාවක් නැතුව ඇදේ වාඩිවෙලා ඉන්න එලීසා දිහා බලාගෙන ජින් කිව්වා.
ජින් ඇදට ආවෙ රෑ දොලහත් පහුවෙලා. ඒතරම්ම ජින් එයාගෙ අලුත් සිංදුවත් එක්ක කාර්‍යබහුල වෙලා හිටියා.
එලීසට ජින් එනකම් ඇහැරගෙන ඉන්න අපහසු වුනත් කෙල්ල ජින් එනකම් බලන් හිටියා.

" ඒක නෙවෙයි , ඔයාට මතකද එලීසා ඔයා මගෙන් සිංදුවක් ඉල්ලපු පලවෙනි දවස . "

ජින් එලීසා දිහා බලාගෙන ඉදිද්දී ඒ අතීතෙ මතක් කරා.
එලීසගේ මූනෙත් පොඩි හිනාවක් පෙනුන්නේ ඒ වෙලාවෙදිමයි.

_______________________________________

1847 ජර්මනිය.

" මොකක්ද ජෝර්ජ් ඒ සද්දේ . "

දවසක වැඩ අතර තුරේ දුන්නු විවේක කාලෙකදි එලීසයි ජෝර්ජ් නුයි දවල් කෑම ගන්න වෙලාවක එලීසා ජෝර්ජ් ගෙන් ඇහුවේ ඇහුනු පියානෝ වාදනයක් නිසා.

" ඒක පියානෝ වාදනයක් . ඔයා මීට කලින් අහලා නැද්ද ? "

" පියානෝ . අර ලොකු සංගීත භාන්ඩෙද ? අනේ මම කවදාවත් දැකලා නෑනේ ජෝර්ජ් අනේ මාව එක්කරගෙන යන්නකො අනේ. "

එලීසා ජෝර්ජ් ගේ අත අල්ලගෙන හයියෙන් කෑගහද්දී ජෝර්ජ් ගේ අතේ තිබ්බ බනිස් කෑල්ල ඉක්මනටම කටේ දාගත්තේ එලීසගේ වදය නිසා.

" පස්සේ දවසක එලීසා . "

ජෝර්ජ් ආයෙත් එලීසව මග ඇරලා නිකන් හිටියත් එලීසගේ කරදරේ ජෝර්ජ් ට හොදක් වුනේනම් නැහැ.

" ජෝර්ජ් ඔයා හැමදාම ඔහොමයි බැහැ බැහැ විතරයි . අනේ ජෝර්ජ් . "

එලීසගේ කරදරේ නැති වෙන්නෙම නැති නිසා ජෝර්ජ් එලීසගේ කැමැත්තට කැමති වුනා.

" එන්න යන්න. "

ජෝර්ජ් එතනින් කර්මාන්ත ශාලාවෙ පිටිපස්සට යද්දී එලීසත් ජෝර්ජ් ගේ පස්සෙන් දුවගෙන ආවෙ හරිම සතුටෙන්.

" මෙන්න . "

ජෝර්ජ් නැවතුනේ පියානෝ එකක් ළඟ වගේම ජින් ගාව.ජින් හිටියේ පියානෝව සමග සම වැදිලා . කොල්ලා ඒ තරම්ම ඒ සංගීතයට ඇලුම් කරා . ආදරේ කරා.

The Lost || KSJ  [Completed ] Where stories live. Discover now