Chapter 09

108 42 8
                                    

ජින් හෙමීට දින පොත අතට ගත්තේ කොල්ලට හෙමීට දේවල් මතක් වෙන්න පටන් ගනිද්දී.......

ඇගිලි තුඩු වලින් පොත දිග ඇරියේ හරි පරිස්සමට .

ජින් පොතේ තැනින් තැන කියවගෙන ගියේ එලීසගේ පොඩි හිත ඇතුලේ හිර කරගෙන හිටපු හැගීම් ගොන්න.....

ජෝර්ජ් , මම දැකපු කඩවසම්ම පිරිමි ළමයා . ඒත් එයාට මම නිකම්ම නිකන් ගැහැනු ළමයෙක් විතරයි .
එයාගේ හිනාව . දිග ඇස් පිහාටු ඒ හැම දෙයක්ම එයා දිහා බලාගෙන ඉන්න මාව උනන්දු කරා . හැමදාම ඒ උනන්දුව වැඩිවුනා විතරයි .

එතකොට ජින් , හැමතිස්සෙම ඇයි මගේ හිත දෙපැත්තකට වැනෙන්නේ ? ජින් ජෝර්ජ් ? එයාගේ වාදනය හරිම ලස්සනයි . එයාගේ මූනත්. එයා වෙනත් රටක වුනාට එයාල තියෙන්නේ හරිම අහිංසක මූනක්. අවංක හදවතක්...

එලීසගේ දින පොතේ ජින් ගැන ලියලා තිබුනු කොටස කියවද්දී ජින්ගේ මූනෙ අවංක හිනාවක් ඇදුනේ නිකම්ම.....

ඇයි ජෝර්ජ් මාව දුර්වල කරන්නේ එයාගේ තීරනත් එක්ක. ? ඇයි ? එයා ඇයි එහෙම මාව මග අරින්නේ ? මාත් එක්ක කතා නොකර ඉන්නේ . ඇයි එයත් එක්කම මගේ හැගීම් ගැබ් වෙලා තියෙන්නේ ?

සමහර විට එලීසා දන්නැතුව ඇති ජෝර්ජ් ව මග ඇරියේ එලීසා කියලා.....

ජින්ගේ ප්‍රශ්නේ ඇයි මාවම රිද්දන්නේ ? මම මොකක්ද ගන්න ඕන තීරනේ. ඇයි ජෝර්ජ් මාව තවත් මේකට පටලවන්න හදන්නේ ?
ජෝර්ජ් මම ඇත්තම අහන්නද ?
ඔයාට මම ගැන කිසිම හැගීමක් දැනෙන්නේ නැද්ද ජෝර්ජ් ?
මම නිකම්ම නිකම් ගැහැනු ළමයෙක් විතරයි ජෝර්ජ් ඔයාට ?

එලීසා දන්නවනම්
ජෝර්ජ් මගදි නවත්තපු කවියෙ මුල
එලීසා කියලා....

අමාරුවෙන් තීරණයක් ගත්තත් ඒ මගේම තීරණයක් ද කියලා මට හිතුනු වාර අනන්තයි. ඒත් ජෝර්ජ් ඔයව දාලා මම කොහොමද යන්නේ ප්‍රංශයට ....

සමහර විට මගේ තීරණය වැරදි වෙන්නැති . ඒත් දැන් තත්වෙට අනුව මම වැඩ කරන්න ඕන.
ජින්,
ඔයා කොච්චර හොද කෙනෙක් ද?
ඔයා මට කොච්චර ආදරේ කරනවද ?
මෙහට ආපු දවස් කීපය තුල ඔයාගෙන් මම දැක්කේ ආදරයක් විතරයි .
මගේ හිත දෙතැනක.
මට වෙලාවක් දෙන්න ජින්
මේ දෙතැනක තියෙන හිත එක තැනකට ගන්න.

The Lost || KSJ  [Completed ] Where stories live. Discover now