Chapter 07

95 41 8
                                    

දවස් කිහිපයකට පසු........

දවස් පහක් යනකම්ම එලීසට ජින්ගෙන් එලීසා බලාපොරොත්තු වුනු උනුහුම ලැබුනේ නැහැ.
අවුරුදු තුනක් ඒ ආදරය උනුසුම වින්දත් කෙල්ලට මේ වෙද්දී ඒ දේ ජින්ගෙන් ලැබුනේ නැහැ.
එලීසගේ හිතේ ජින් වෙනුවෙන් ආදරයක් හටගෙන නොවෙන්නැත් ඇති .
හටගන්න කාලයෙදි ජින්ට ඒ ආදරේ විඳින්නත් පහසුකම් නොලැබෙන්නත් ඇති .
ජින් කාර්‍යබහුල වෙලා .
එලීසා වෙනුවෙන්ම.
ජින් එතනයි වරද්ද ගත්තෙ .
ඒ හැමදෙයක්ම ඉස්සරහ ජින්ට අමතක වෙන්නැති ජින් විවාහ වෙලා බව.

මේ දවස් පහේම ජින් හරියට කෑවෙ නැහැ.
තේ එක හැමදාම නිවිලා ගිහින් එලීසා විසික්කරලා දානවා.
මේ සතියේ ජෝර්ජ් ලා යනවා බලන්න එයාපෝට් එකට යනවා කිව්වත් ජින්ට වැඩ නිසා ඒකටවත් යනන් හම්බවුනේම නැහැ.

ජින් අමුතු ජීවියෙක් වගේ උදේම ඇහැරෙනෝ වැඩකරනෝ.
එලීස මතක් කරොත් කෑම කනවා නැත්නම් එහෙම්ම කෑම එක නොකා ඉන්නවා

ජින් කරන එකම දේ අනිත් හැමදේම අමතක කරලා එක දෙයක් විතරක් කරපු එක.
ඒක නිසාම කොල්ලා දන්නෑ කොල්ලට කොල්ලගේ ජීවිතේ මග ඇරුනු බව...

.
.
.
.
.
.
.

එලීසා ජින් නොකාපු කෑම පිඟාන හෝදලා දෑවා විතරයි .
කෙල්ල ගියේ කෙල්ලගේ කාමරේට.
ආයෙත් ඉවසන්න අමාරුයි කෙල්ලට.
කෙල්ල එදා ගත්තු තීරණය හරිද වැරදිද කියලා කෙල්ල තාමත් දන්නැහැ.
කෙල්ලට ඕන වුනේ ජීවිතයක්
සතුටත් එක්කම මුසු වෙච්ච .
කෙල්ලට ඒ සතුට ලැබුනේ නැහැ.
එලීසා ආස කරේ සැමියත් එක්ක එකට ඉන්න. තමන්ටම කියලා දරුවො හදන්න. දරුවොන්ගේ යුතුකම් ඉටු කරන්න තමන්ගේ සැමියගේ යුතුකම් ඉටු කරන්න.
ඒ හැමදෙයක්ම වෙද්දී සැමියගෙන් බිරිඳට වෙන්න ඕන යුතුකම් කොටස
ඒක අමතක වෙලාද ?

එලීසා තමන්ගේ ඇදුම් ටික පිලිවෙලට හදාගන්න ගත්තේ ආයෙත් ගත්තු තීරණය ගැන හිතන ගමන් ,
ඒත් කරන්න දෙයක් නැහැ. තීරණය අරගෙන ඉවරයි .
හෙමීට නවාගත්තු ඇදුම් ටික පිලිවෙලට බෑග් එකට දාගෙන එලීසා එයාගෙ දින පොතත් කාමරෙන් තියලා
ජින්ගේ යි එලීසගෙයි විවාහ පොටෝ එකත් බෑග් එකට දාගෙන
හැමදේකින්ම ඈත් වෙන්න බලාගෙන හිටියා....
හැමදාටම.....






දන්නවද ,
සමහරු කියනවා
ගැහැනු හිත් චපලයිලු
පොඩි දේ පවා දරාගන්න බැහැලු
හිත ඉක්මනටම රිද්දගන්නවලු
ඒත් ඒ කවුරුවත් ඇහුවද ?
ඒ කවුරුවත් හොයලා බැලුවද ?
ගැහැනු කෙනෙක් දරාගන්න තරම
රිද්දගන්න තරම
ඒ වගෙම ඒ කිසිම කෙනෙක් හොයලා බැලුවෙ නැහැ
ඒ රිදුමට කලින් කොච්චර හිත රිදීම් දරාගත්තද කියලා....
ඒක කවුරුවත් දන්නැහැ.
ඇය ,
ඒක හැමෝටම කියන්න යන්නෙත් නැහැ....

_______________________________________

" දන්නවද එලීසා , ආදරය කියන්නේ තනිකරම අතරමංවීමක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" දන්නවද එලීසා , ආදරය කියන්නේ තනිකරම අතරමංවීමක් . "

මම අද කතාවෙන් පිට පැන්නා .

©T-hyungkook

The Lost || KSJ  [Completed ] Where stories live. Discover now