Chapter 05

95 40 7
                                    

' එලීසගේ දෑසින් . '

" ජින් මේ තේ එක බොන්න. "

උදේ පාන්දරම ඇහැරිලා බැලුවම ජින් සංගීත කාමරේ හොදටම නිසා. ඊයෙ රෑ ඉදන්ම එයා එයාගේ අලුත් සිංදුව හදන්න මහන්සි වෙනවා කියලා මට මතක් වුන නිසා ජින්ව නැගිට්ටවන්නෙම නැතුව මමත් හිටියේ උදේ හත විතර වෙනකම්. ඒ වෙනකනුත් පියානෝ එක උඩ තාමත් ඒ විදියට නිදාගෙන ඉන්න ජින් දැක්කම මට හිතුනේ ජින්ට මාව මග ඇරිලා යන ස්වරූපයක් .
තේ එක ගෙනත් තිව්වම ජින් හෙමීට ඇහැරුනා .

" මූන හෝදගෙන එන්න. "

මම එහෙම කියද්දී ජින් හිනාවෙලා ගියේ කාමරේ පැත්තට.
.
.
.
.
.
.
.

උදේට කෑමත් ලෑස්ති කරලා ජින්ට කතා කරන්න ගියත් උදේම ගෙනත් දුන්නු තේ එක එතනම ඇල් වතුර වගෙ වෙනකම්ම තිබුනා . ජින් තේ කෝප්පේ නිකමටවත් අල්ලලා නෑ කියලා මට තේරුනේ එයා හිටිය බරපතල වැඩේ නිසා.
ජින් තාමත් සිංදුවට වාකය හොයනවා. කියලා තේරෙද්දී මම ජින් ට කෑම කන්න කතා නොකරම මම ගියේ කාමරයට .

දින පොත අරගෙන හෙමීට ලියන්න ගත්තත් බාගෙට ලියපු කොල කෑල්ල කඩලා විසික්කරලා දෑවෙ පරන දේවල් ඔක්කොම අමතක කරන්න.
කොල කෑල්ල විසික් කරලා දෑවත් ඒක කැබිනෙට්ටුව පිටිපස්සට ගිය නිසා මට අරන් දාන්න බැරුව ගියා .
ඇස් වලට ආව කදුලු කිහිපයත් මම පිහිදාගෙන එලියට ගියේ ජින් වැඩ ඉවරද බලන්න.

කාමරෙන් එලියට ආවත් මගෙ හිත නොසංසුයි.
මට මතක නැහැ මම දින පොත අරන් තිව්වද කියලවත් ,
ඒ තරම්ම හිත නොසන්සුයි.

ජින් වැඩ කරන කාමරේට ගියත් ජින්ව මාව නොදැනුනු ගානට එයා වැඩ කරගෙන ගියා.
එයාට මම එතනදවත් කියලා මතකයක් තිබුනේ නැහැ. 
නිවුණු තේ එක අතට ගත්තේ මම ඒක විසික්කරන්න .
පොඩි පොඩි කොඩව් තේ එක වටේට පිරිලා .
කොඩව් එක්කෙනෙක් දෙන්නෙක් තේ එකට වැටිලා හිටියත් එක්ක.
තේ එක විසික් කරලා කෝප්පේ හෝදලා තියලා මම ජින් ට කෑම කන්න කතා කරන්න හිතලත් ඒක නැවැත්තුවේ

එයාට සංගීතය නිසා එයාගේ ජීවිතේ අමතක වෙලා කියලා මට තේරෙද්දීමයි.

ඔව් එයාට අමතක වෙලා එයාගේ මුලු ජීවිතේම.

_______________________________________

The Lost || KSJ  [Completed ] Where stories live. Discover now