Chapter 5

361 66 18
                                    

හප්පා චිමී එක්ක යාලුවෙලා දැන් සති දෙකක් ගෙවිලා ගිහින්

ඒත් තවම මට මගේ ෆස්ට් කිස් එකවත් ලැබුනේ නෑ..

ඉවසලා ඉවසලා බැරිම පාර දවසක් මන් කිචන් එකේදී චිමීව කොටු කරගත්තා..

එයා දෙන්නැත්තන් මන්වත් බලෙන් ගන්න ඕනීනේ..

මුලින් චිමී දැගලුවත් පස්සේ දගලන එක නැවැත්තුවේ එයාටත් කිස් එකක් ඕනි නිසා වෙන්නැති

මන් ඉතින් හෙමින් සීරුවේ ඒ සස්සන තොල් දෙකට පාත් වෙනකොටම වීදුරුවක් බිදෙන සද්දයක් ඇහුනා..

"හත්තික්කේ..සුගා හියුන්ග්..."

ඒ වචන ටික මගෙ කටින් පැන්නා නෙමේ පැන්නවුනා..

"අම් මන් මන් මුකුත් දැක්කේ නැ.."

හියුන්ග් පිස්සෙක් වගේ ඇස් පිල්ලම් ගහලා එයා අතින් වැටුන ග්ලාස් එකේ කෑලිවත් අහුලන්නැතුව ආපිටට හැරිලා ගිහින් කාමරේ දොර වහගත්තා

"දැන් ඉතින් මොකේද දන් වලදන්නේ පාත්තරේ කුඩුනේ.."

වීදුරු කෑලි අහුල අහුල ඉදපු මන් දිහා බලන් චිමී කිව්වා..

මෙච්චර කල් කේඩ්‍රාමා සීන් වෙනකන් බලන් හිටපු මට අපුරුවට කිස් කරන්න යද්දි බාල්දිනම් වැටෙනවා..😐💔

වෙනකල්පනාවකින් වීදුරු කටු ඇහින්ද නිසා මගේ අත වීදුරු කටු කෑල්ලකට තුවාල උනා..

මේ දවල් වෙලාව නිසා ඒකෙන් ලේ ගොඩක් එද්දි මගේ ඇස්වලිනුත් හෝගාලා කදුලු ගලන් ගියා..

"අහ් "

"බෙයාර්..තුවාල උනාද මැනික."

වීදුරු කටු තිබුන තැනින් මාව එහාට කරගත්ත චිමී ටක්ගාලා මගේ තුවාල උන ඇගිල්ල කටේ දාන් සූප්පු කලා..

ටික වෙලාවක් ගියාට පස්සෙ එයා ඇගිල්ල කටින් එලියට අරන් තවත් ලේ එනවද කියලා බැලුවා..

"දැන් හරි හොදේ.."

කදුලු පිරිලා තීන මගේ ඇස් දිහා බලන් චිමී කිව්වා..

ටික වෙලාවක් අපි අපේ ඇස් වල පැටලිලා ඉදලා අපේ පලමු හදුව හුවමාරු කරගත්තා..

💚 I want you 💛   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱 //Donde viven las historias. Descúbrelo ahora