Next day morning
"යා...එනවලා කෑම කන්න...තමුසෙලා තුන්දෙනාට මං කියලා තියෙනවා නේද ඔය නැටවිල්ල පොඩ්ඩක් අඩු කරගන්න කියලා..එක විදියකට ඉදගෙනවත් ඉන්න බෑනේ මුන් තුන් දෙනාට..අනේ ඇත්තමයි...😠ඔය කොට්ට තුන තියපල්ලා පැත්තකින්...මේ කොස්ස ඇවිත් හොස්සේ නවතින්න කලින්😤"
එහෙම කියලා ජින් කෑ ගැහුවේ කෑම ටික මේසෙට ඇරලා කන්න එන්න කියන්න යද්දී සාලේ සෝපා එක උඩ කොට්ට තුනකින් මරාගන්න පොඩි තුනට...
"කොටෝ ආ....න් ටොට කටා කරනවා ජිනයියා...ටෙයියෝ ටොටත් එක්කම තමා කටා කරේ...යන්ට ගිහින් කෑම කන්ට😌"
රණ්ඩුව නවත්තලා එහෙම කියලා වැඩ්ඩා වගේ ජින්ට උත්තර බැන්දේ Jk..
"ඇයි ඔබටුමාට එපාද කෑම...?"
"🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣"
Jk කතා කරපු අමුතු භාෂාවෙන්ම ජිනුත් එහෙම ඇහුවේ Jkගෙන්...ලැජ්ජවාට Jkගෙ මූණ රතුවෙද්දී..ජිමිනුයි,ටේයි උඩ පැන පැන හිනාවුනේ Jkව අවුස්සන්නම හිතාගෙන.
"පලෑම් යන්න පිටසක්වලයෝ දෙන්නා..😒එන්නෙපා ආයේ මාත් එක්ක කතා කරන්න..😒"
එහෙම කියලා Jk රව රව ගිහින් කෑම මේසෙන් වාඩි උනා...ටික වෙලාවක් හිනාවෙවී ඉදලා ටේයි,ජිමිනුත් ගිහින් කෑම කන්න වාඩි වුනා...කාමර වලට ගිහින් හොබීවයි,නම්ජූන්වයිත් ජින් එක්කන් ආවේ එන මගත් දේශනයක් දෙන ගමන්මයි..
"අනේ ඇති හ්යොං....කටවහගන්නකෝ...ඔයා කොච්චර කෑ ගැහුවත් ඔච්චරනේ...හැමදාම උදේට මේ විදිහ තමා...මේ යක්කු තුන කන තැනත් මරා ගන්නවා....අර පේනවනේ...කොච්චර කිව්වත් අහන්නෑනේ..."
කියලා හොබී පෙන්නුවේ චොප්ස්ටික්වලින් කඩු සටන් කරන ටේයි,ජිමිනුයි,කුකීවයි..
"අනේ ඇත්තමයි තොපි තුන්දෙනවා මට ගිහින් පැපුවා නිව්ගිනියාවට අතෑරලා එන්න හිතෙනවා..😤නවත්තපියව් ඕක....චොප්ස්ටික් තියෙන්නේ තොපිට ලී කෙලි නටන්න නෙවේ...කාපියොව් මට වද නොදී.....😤ආයේ උයන්නෑ මං එකෙක්ට...😤කන එකෙක් උයන් කාපල්ලා...නැත්තන් බඩගිනින්නේ හිටපියව්..."
කියලා ජින් අතේ තිබ්බ හැන්දෙන් මේසෙට ගැහුවේ තරහ පෙන්නන්න වගේ...ජින්ගෙ හැටි දන්න නිසාම හොබීයි,නම්ජූනුයි බිම බලන් කද්දී පොඩි තුන විරිත්තන් බලන් හිටියේ ජින් දිහා...

YOU ARE READING
"Don't hate me plz"හැගීමක්වත් නොදන්න බැදීමක හමුව🤍
Romanceලතැවුලින් ගෙවූ දිවියක හීන පමණක් අතැතිව පැමිණි දුර මෙපමණ වාසනාවක්දෝ මා ලදුව..🍁 අහඹුවකි අපෙ හමුව හුරු මුත් ආගන්තුකය කිමද හේතුව මෙතරම් වෛර කරන්නට මා හට..💔 අහස උසට පොදි බැන්ද හීන මාලිග එකෙනක බිදෙයිදෝ සැකයෙන්ම නුබේ හිත නිවෙනතුරු මා හිදින්නද දෑස්වත් නො...