🍁 Chapter 13 🍁

31 7 4
                                    

"යා........ඔට්ටපාලු මී හරක් වටු බිත්තර යක්ස හිපාටු කරවිල මැසි  පූස් තඩියා.... මින් යුන්ගී.....ගී......ගී.....තමුසේ මාව කෑවා ඕයි.....තමුසෙ මාව කෑ.....වුහ්....."(in sinhala)



101 වෙනි පාරටත් මෙලෝ මලදානයක් නොතේරෙන භාෂාවකින් එකම වාක්‍ය කියලා වෙරි මතින් මේසෙ ඔලුව ගහ ගත්ත කෙල්ල දිහා අසල  tables වල වූ මිනිස්සු බැලුවේ පිටසක්වල ජීවියෙක් දිහා බලනවා වගේ.....


5වෙනි සෝජු බෝතලේටත් වග කියලා යුවී මේ කෑගලා table එකේම ඔලුව ගහගත්තේ 101 වෙනි පාරට....ඒකත් සිංහලෙන්....මිනිස්සු පුදුම වෙන දේ අහන්නත් දෙයක්ද...අනිත් මිනිස්සු බීලා කොරියන්වලින් දුක කිය කිය අඩද්දි කෑ ගහද්දි මේ කෙල්ල විතරක් වෙන භාෂාවකින් කෑ ගහනකොට එහෙම නොබැලුවොත් තමා පුදුමේ.....


උදේ ඉදන් හවස් වෙනකන් ගෙවන කාර්‍යබහුල ජීවිතේට තිත තියලා මනස සැහැල්ලු කරගන්න බොහෝ කොරියානු ජාතිකයගේ ජනප්‍රිය පිලිවෙතක් තමා රෑට සෝජු බොන එක....ඒ සදහාම සැකසුනු සෝජු හට් ඕන තරමක් කොරියාවේ දකින්න ලැබීම සුලබ දසුනක්....



විටෙක ප්‍රීතියටත්,විටෙක දුකටත්,විටෙක හදවත දවන වේදනාවටත්,සතුටු සාමිචියේ යෙදීමටත් කොරියානුවන් බොහොමයක් ගොඩ වූයේ මේ මග දෙපස විහීදී ඇති සෝජු හට් වෙතය.....ඒ සෝජු උගුරක් තොල ගා දවස නිමාව සනිටුවහන් කිරීමේ අභිලාෂයෙන්...එලැබෙන්නාවූ දවසද විටෙක ඔවුන්ට වෙහෙසකාරී වීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩි නිසා ඔවුන් පෙර දවස දිය කර හරින්නේ සෝජු සමගය....



ඉතිං යුවීටද අවැසි වුයේ ගෙවූ දවස නිමාවට ළගා කිරීමයි......නමුත් වෙනදා මෙන් නොව අද ඇගේ පිලිවෙත සාමන්‍ය දිනට මදක් වෙනස්විය.....


"සෝජු"නම ඇසූ සැනින් ඕනෑම කොරියානු ලෝලියෙක් අහන්න ආසම තවත් වචනයක්...දහස් ගනන් වූ කොරියානු ටෙලි කතා තුල අනේකවාරයක් දසුන් මවන්නාවූ මේ පානය අත්හදා බැලීමට සිත් පහල වීම කොරියානු ලෝලින්ට පුදුමක් නොව....




යුවීට අවැසි වූයේ එයද....?කුඩා කළ සිට කොරියනු ලෝලියෙක් වූ යුවීටද අවැසි වූවා කලක සිට තම මිතුරන් සමග සෝජු රස බැලීමට.....ඒත් අද තනියම යුවී සෝජු හට් එකක සිට එකින් එක විවෘත වන්නා වූ සෝජු බෝතල් කිහිපයක මැදිව හිස තබා සිටින්නේ ආසාවක් උදෙසානම් නොවේ.....




"Don't hate me plz"හැගීමක්වත් නොදන්න බැදීමක හමුව🤍Onde histórias criam vida. Descubra agora