වසර හයකට පෙර..
" කෝ අපේ වැඩ ටික? "
" ම-මට.. ඒක.. ගේන්න.. බැ-බැරි.. " බෝතල් අඩි කන්නාඩි දමපු ශිෂ්‍යයා බිම බලාගෙන ගොත ගැහුවේ ය. බය නිසාම ඔහුව වෙවුලන්න විය.
" මොකද්ද කිව්වේ?.. තමුන්..ට...!!" තවත් ශිෂ්‍යයන් දෙදෙනෙක් සමග සිටි හැඩිදැඩි ශිෂ්‍යයා පෙර තරුණයාගේ බඩට පහරක් ගැහුවේ ඔහු වේදනාව දරා ගත නොහැකිව බිම වටෙද්දීය්.. ඔහුගේ දෑසින් කදුළු ගලන්න විය.
අනෙක් තරුණයන්ද ඔහුට පෙරළන් ගහන්න විය." ආහ්හ්.. එ-පා..!"
" ආයේ වැඩ නොකර අවොත්නේ...!!"
අවසානයේ ඇති වූ පසු ඔවුන් පිටව ගියේ ඔහුට ශාප කරමින්.බිම වැටි සිටි තරුණයා අපහසුවෙන් නැගිට ගත්තේ ය. අහකට විසි වූ තම බෝතල් අඩි කන්නාඩිය අහුල ගත් ඔහු තම කදුළු පිහදා ගෙන එය පැළද ගත්තේ ය. වේදනාවක් දැනුන නිසා ඔහු තම තොල අත ගා බැලුවේ ය. ඔහුගේ අත මත රතු පැහැ විය. හිමින් එතන අතින් වහ ගත් ඔහු බිම පුරා ඇස් යැව්වේ ය. එකවරම ඔහුට සංවේදනයක් දැනුනි. ඒ පැත්ත බිම බලපු ඔහුට පැමිණි කෙනාගේ කකුල් දෙක පෙනුනි. පැමිණි කෙනා ඔහු ලගට පාත් විය. නමුත් ඔහු දෙසට බැල්මක් හෙලන්න අකමැති වූ තරුණයා බයෙන් හුස්ම ගත්තේ ය.
" නැගිටින්න කැමැත්තක් නැද්ද? " පැමිණි තරුණයා ඇහුවා. නමුත් මෙවර ඔහු දෙසට බැල්මක් නොහෙළ ඉන්න මොහුට නොහැකි විය.
නමුත් ඔහුව දැකපු මොහොතේ කන්නාඩි පැලදී තරුණයාගේ දෑස පුදුමයෙන් විශාල වුවේ කදුළු එක්කමයි.." බිම බඩ ගගෙනද ඔයා පන්තියට යන්න හදන්නෙ?! බලනවා... මේ...!!" තරහින් කියපු තරුණයා බිම වැටි තිබු පොත් පත් ඇහිදින්න විය. ඒවා බෑගයට දමා ඔහු එය අනෙකාට දුන්නේ ය.
" ම්ම්.. ඔයාගේ පොත් ටික..!" ඔහු කීවා.බයෙන් බයෙන් තම පොත් බෑගය ගෙන ඔහු හිමින් නැගිටින්න විය. නමුත් ඔහුව වැටුනේ කෙදිරියක් එක්කමයි.
" ස-සමාවෙන්න.." කි ඔහු නැවත නැගි සිටින්න උත්සහ කලත් ඔහුව වැටෙන්න ගියා. හැකි තාක් අනෙකා දෙස නොබලා ඉන්න ඔහු උත්සහ කලේ ය.
ඇත්තටම ඔහු ඉදිරියේ හිටියේ මේ පාසලේ ඔහු දකින්න අකැමතිම කෙනෙක්.. පෙර අය මෙන් මොහුත් තමාට නපුරුකම් කල ආකාරය ඔහුට සිහි විය. පහර කාපු නිසා නැගිට ගන්න නොහැකිව ඔහු අසරණ විය. තම කදුළු හා ඉකිය පාලනය කර ගනිමින් ඔහු හිටියත් ඔහුට එය දරා ගත නොහැකි විය.
'ඉහි'
BẠN ĐANG ĐỌC
බොගෝශිප්පො... 🍃🍁 | ʝιкσσк | [ Completed ]✔️✔️
Fanfiction'අප්පා.. ඒ.. ඒ.. මගේ ඔම්මා ඇත්තතම?' 'ඔව්.. ඔයාගේ ඔම්මා.. මට බලා ගන්න බැරි උන...! ' Jikook ff ❤ Only imangination..!!!