නිවසක් තුල සිටි කුඩා දරුවෙක් වේගයෙන් ඉදිරිපස දොර ගාවට දිව්වේ,
" අප්පා... " යැයි කෑගහමින්.
ඔහු පිටුපසින් ඔහුගේ නැනිද දුව එද්දී තමාට ඉහලින් ඇති දෝරේ හැඩලය කරකවා එහි එල්ලී ගෙනම එලියට දිව්වේ ය. නවතා තිබු සුඛෝපභෝගී වාහනයෙන් බැස ගත්තේ වයස 26 පමණ තරුණයෙක්..
" අප්පා... " පෙර දරුවා වේගයෙන් ඔහු ලගට දිව ගියේ ය. දරුවා දැක තරුණයාගේ මුහුනේද සිනාවක් ඇදී ගියේ ය. හේ දෑත දෙපසට විහිදුවමින් කතා කලා.
" ජන්මින්... "
" අප්පා... අප්පා.. අප්පා... අප්පා පලක්කුය්..ජ-මින් තලා.. යි හුම්.. " තම පියාගේ දෝතට පැන කියමින් අත් දෙක බැදන් අහක බලා ගත්තා.
" අනේ.. තලා වෙන්න එපා ඉතින් අප්පා එක්ක.. "
" එනම්.. ආෆින් ඕනා.. ගොදාක්... " ජන්මින් අත් දෙපසට විහිදුවමින් කිය. සිනා වූ තරුණයා ඔහුගේ නහය මිරිකුවේ ය.
" හරි අප්පා අරන් දෙන්නම්කො මගේ මැණිකට " කියා ඔහු ජන්මින්ගේ කොපුලක් සිප ගත්තේ ය. " අපි යන්කො ඇතුලට ඉස්සෙල්ලම.. " කියා ඔහු නිවස තුලට ගියේ ය.
" කෝ ඉතින් බහින්නකෝ, අප්පාට මහන්සියිනේ " කි ඔහු ජන්මින්ව බිමින් තබා හිස අත ගෑවේ ය. " අප්පා wash දාන් එන්නම්.. "
" හලි.. " කි ජන්මින් බිමින් ඉද තම සෙල්ලම් බඩු සමග සෙල්ලම් කරන්න විය. සිනා වූ තරුණයා ඉහල නාන කාමරයට ගියේ ය.
වෙහෙසකර දිනයක් නිමා කරමින් කරාමය යට තරුණයා සිටියේ ය. සිතල ජල බිදු ඇග දිගේ රුට ගෙන යද්දී ඔහු කොන්ඩේ පස්සට කරන්න විය. බිත්තියට අත තබන් සිටි ඔහුගේ මනසට එකවරම සිදුවීමක් ගලා ආවේ ය.
"යන්නකෝ.. මට ලැජ්ජයි..!"
" බැ බැ.. ඔයා ලිස්සල වැටුනොත්? "
" අනේ වැටෙන්නේ නැ..!"
" බැ බැ මන් යන්නේ නැ.. ඕක මන් කලින් දැකල තියෙනවා.. "
" පුහ්..එහෙනම් තව හොදට බලා ගන්නකො.. "
" ම්ම්... ලස්සනය්.. Sexy...! "
" ම්ම්ම්... යනවා යන්න.....!!"
තරුණයාගේ මුහුනේ සිනාවක් ඇදුනි.නමුත් එකවරම ඔහුගේ දෑසට කදුළු උනන්න විය.. කදුළු පාලනය කර ගනිමින් දෑස පියා ගත් ඔහු කරාමය වසා දමා සැහැල්ලු ඇදුමකින් පහලට බහින්න විය
KAMU SEDANG MEMBACA
බොගෝශිප්පො... 🍃🍁 | ʝιкσσк | [ Completed ]✔️✔️
Fiksi Penggemar'අප්පා.. ඒ.. ඒ.. මගේ ඔම්මා ඇත්තතම?' 'ඔව්.. ඔයාගේ ඔම්මා.. මට බලා ගන්න බැරි උන...! ' Jikook ff ❤ Only imangination..!!!