අදුරු පෙදෙසකට පෙරලි ගිය වාහනය හරි විදිහට පෙරලුනි... ගස් වල හිටපු කුරුල්ලෝ කලබලය එක්ක වේගෙන් ඈතට පියබා ගියේ වාහනය තුලින් දුම් දාද්දීය්.
ජිමින් හිමිට තම දෑස විවර කලා.. ඔහුගේ ගත වේදනාවෙන් මිරිකී ගියා.. දෑස විවර කලත් කිසි දෙයක් ඔහුට දැක ගැනීමට නොහැකි විය. පණ නැති උනත් ඔහු හිමින් හිමින් තම පුංචි අතින් දාන් හිටපු seat belt එක ගැලෙව්වා..
ටික වෙලාවකින් ජිමින්ගේ දෑස අදුරට හුරු උනා.." ජන්ග්කු.. ක්.. ජන්ග්-කුක් නැගි-ටින්න..ජන්ග්.. කුක්.. අහ්හ්... " තමන්ගේ කකුල පණ නැති බවක් ජිමින්ට දැනුනා. තමන්ට එහා පස ආසනයේ ජන්ග්කුක් දෑස පියා ගෙන හිටියා. ඔහුගේ මුහුණ සිරීම් වී තිබුනා..ජිමින්ගේ මුනද ඊට දෙවැනි නොවිය.. එකවරම යමක් සිහි වූ ජිමින් තම අතට දැනුන ස්පර්ශය එක්ක ඒ දෙස බැලුවා..
" ජ-න්මින්..."
බිලිදට කිසි උවදුරක් නොවුනි.. වාහනය පෙරලි යන්න මොහොතකට කලින් තමන් ඔහුව තදින් ආවරණය කර ගත් බවට ජිමින් ඔහුටම ස්තුතිවන්ත උනා." ජන්ග්කු..ක්.. නැගිටි-න්න..නැගිටින්-න.. ජන්ග්..කුක්...ම්ම්ම්...!!"
" ම්ම්..? " ජන්ග්කුක් කෙදිරි ගෑව. ඔහු සෙමෙන් තම දෑස විවර කර එය අදුරට හුරු කර ගත්තා.
සිදු වූ දේ ක්ෂණිකයෙන් සිහි වූ ජන්ග්කුක් කලබල උනා." ජිමි-න්.. ජන්මින්...? ඔයා හො-දින්ද..?"
"අපි හො-දින්.." ජිමින් පිළිතුරු දුන්නා.
ගැබුරු හුස්මන් කිහිපයක් ගත් ජන්ග්කුක් අපහසුවෙන් වටපිට බැලුවා. තමන්ගේ seat belt එක ගලවල ඔහු ඒ පැත්තේ දොර විවර කලා. හිර වෙලා තිබ්බ දොරට උරහිසෙන් ගහල ගහල ඇර ගත්ත ජන්ග්කුක් ජිමින්ගේ පැත්තේ දොර අරින්න බැලුවා. නමුත් ඒක කැඩිලා..
" ඒ.. දොර කැඩිලා.. ම්ම්.. හ්.. එන්න මේ.. පැ-පැත්තෙන් බහි-මු.. " කි ජන්ග්කුක් හිමිට එක කකුලක් එලියට දැම්මා. එත් අනෙක ගන්න යද්දී ඔහුට කෙදිරි ගෑවුනා.
" ආහ්හ්හ්..... ආ... හ්... "
" ජන්ග්කුක්... මො-මොකද උ-නේ..?"
" ම..ගේ.. කකු..ල...මට.. මට සමාවෙන්න ජි-මින්.. මන්.. හරිය..ට...පාර බල...න් ගි-යේ නැ.. හ්.." ජන්ග්කුක්ගේ ඇස් වලින් කදුළු ගලන්න විය. හිමින් ලෙ ගෑවුන අත දික් කරපු ජිමින් ජන්ග්කුක්ගේ කම්මුලෙන් අත තිබ්බ.
YOU ARE READING
බොගෝශිප්පො... 🍃🍁 | ʝιкσσк | [ Completed ]✔️✔️
Fanfiction'අප්පා.. ඒ.. ඒ.. මගේ ඔම්මා ඇත්තතම?' 'ඔව්.. ඔයාගේ ඔම්මා.. මට බලා ගන්න බැරි උන...! ' Jikook ff ❤ Only imangination..!!!