°5°

215 76 3
                                    

පහුවදා උදෙන්ම ඇහැරුනේ ජිමින්.. හිමින් හිමින් ඇස් ඇරපු ජිමින්ට කොන්දෙනුය් කකුල් දෙකෙනුය් වේදනාවක් දැනෙන්න විය. යටි තොල විකා ගෙන එය ඉවසූ ජිමින්ට හුරුපුරුදු සුවදක් දැනුනි.. තමන්ව තුරුළු කරන් ඉන්න ජන්ග්කුක්ව දැක ජිමින්ගේ මුනේ ආදරණිය සිනාවක්‌ ඇදුනත්.. එය ලජ්ජාවකට පෙරලි ගියේ පෙර දින රැය මතක් වෙලයි.

" ඔහොම බලන් හිටියොත්.. ආයේ පාරක් කරනවා.. " ඇස් ඇරපු ජන්ග්කුක් කීවා. ඒ සැනින් ඔහුගේ පපුවට හොද පාරක් වැදුනා.

" යනවා යන්න.. මගේ කොන්දය් කකුලුය් රිදෙනවා.. ඇවිදින්න බැරි උනොත්නේ...!" ජිමින් කීවා.

" ඇය් මොනා කරන්නද? " ජන්ග්කුක් ඇහුවා.

" අල්ලලා කපනවා ඔය අලියව.. ඌ.. මගේ කොන්ද...!" ජිමින් කොන්ද අත ගාන්න වුනා. හය්යෙන් හිනා වුන ජන්ග්කුක් ජිමින්ගේ නලල සිප ගත්තේ ජිමින් දෑස පියා ගනිද්දීය්..

" මන් අදරෙය්නේ...!" ඔහු කීවා.

" මන් ආදරේ වෙන්නේ වඩන් ගියොත් විතරයි.. "ජිමින් පිළිතුරු දුන්නා..

" පුහ්.. " හිනා වුන ජන්ග්කුක්‌ ජිමින්ගේ නහය මිරිකලා ඇදෙන් නැගිට්ටා.. ජිමින්ව වඩා ගත් ඔහු නාන කාමරයට පිය නැගුවා..

ආදරණිය විදිහට ජිමින්ගෙය් ජන්ග්කුක්ගෙයි කාලය ගෙවිලා ගියා.. දෙන්නා බැදලා මාසෙකට කිට්ටු වෙන්න උනා.. දැන් ජන්ග්කුක්ගේ ව්‍යාපාර සාර්ථකයි... උදැසන ඔහු තම රාජකාරි වලට පිටව ගියත් ඔහු කිසිවිටෙකත් ජිමින්ව මතක කලේ නැ..

මේ විදිහට ගෙවුන දවසක් ජිමින් සාලේ ඉදන් රුපවාහිනිය නරබමින් හිටියා.. Sofa ව උඩ කකුල් දෙක දාන් තොල පෙරළන් ඉන්න ජිමින්ගේ දෑස සැරෙන් සැරේට බිත්ති ඔරලෝසුව මතට වැටුනා.

" ආහ්හ්.. තව විනාඩි දහයක් තියෙනවනේ... ජන්ග්කුක්.. එන්නකෝ ඉක්මනට...! " ජිමින් කීවා. දනිස් මත මුණ හංග ගත් ඔහු රුපවාහිනීයේ පාලකයා අතින් කරකවන්න විය.

එකවරම නිවසේ ගේට්ටුව විවර වුනේ ජිමින්ගේ බලා සිටීම අවසන් කරමින් ඉක්මනින් නැගිට ගත් ජිමින් දොර දිහාවට දිව්වේ,

" ජන්ග්කුක්.... " යැය් කෑගහමින්.. දෝරේ හැඩලයේ එල්ලුන ඔහු එලියට ගියා. කාරයෙන් බැහැපු ජන්ග්කුක් තම ටයි පටිය ගලවන්න වුනේ දවසේ විඩාව එක්කමයි..

බොගෝශිප්පො... 🍃🍁  | ʝιкσσк | [ Completed ]✔️✔️Donde viven las historias. Descúbrelo ahora